ජර්මන් ජනාධිපති ඇන්ජෙලාගෙන් පක්ෂ තරුණ සාමාජිකයන්ට ආරාධනා | දිනමිණ

ජර්මන් ජනාධිපති ඇන්ජෙලාගෙන් පක්ෂ තරුණ සාමාජිකයන්ට ආරාධනා

 නව රජයේ අමාත්‍යධුර සම්පූර්ණ කිරීම සඳහා ජර්මානු ජනාධිපති ඇන්ජෙලා මර්කෙල් තම පක්ෂයේ තරුණ සාමාජිකයන්ට ආරාධනා කරයි. අවුරුදු 60 ට වැඩි අය පමණක් නොව කැබිනට් මණ්ඩලයට තරුණ නියෝජනය ද අවශ්‍ය බව ඇය පවසා සිටියේ 'ජර්මන් ටීවී' නාලිකාව සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.

ජර්මනියේ නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඇන්ජෙලා මර්කෙල්ගේ කන්සර්වේටිව් පාර්ශ්වය එරට සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමඟි ආණ්ඩුවක් පිහිටුවීමට පසුගියදා එකඟතාව පළ කර තිබුණි.

මැතිවරණයේදී කිසිදු පක්ෂයකට බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට නොහැකි වූ අතර මැතිවරණයෙන් ආසන වැඩි සංඛ්‍යාවක් දිනාගත් ඇන්ජෙලා මර්කෙල් අනෙකුත් පක්ෂ සමඟ සාකච්ඡා පැවත්වුවද එම සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් ජර්මනියේ මිත්‍ර රටවල් සහ ආයෝජකයන් අතර ජර්මනිය සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

ඇය නායකත්වය දරණ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමඟ ආණ්ඩුවක් පිහිටුවීමට අවසානයේ දී දෙපාර්ශ්වය එකඟ විය. මේ එකඟතාවත් සමඟ ජර්මනියේ යුරෝ කලාප ප්‍රතිපත්තියේ වෙනසක් වනු ඇතැයි ද සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට මුදල් අමාත්‍යාංශය හිමි වීම ඊට හේතුව යැයි ද එම මාධ්‍ය වාර්තාවල දැක්විණි. 

නව අදහස දක්වන්න