මාළු පෙති අතරේ මාරාන්තික ඖෂධ තොගයක් | දිනමිණ

මාළු පෙති අතරේ මාරාන්තික ඖෂධ තොගයක්

 අමෙරිකානු ඩොලර් මිලියන 10ක් වටිනා මාරාන්තික ඖෂධ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ මාළු පෙති අතර තිබී සොයා ගත් බව නිව්යෝර්ක් පොලිසිය පවසයි. නිව්යෝර්ක් නගරයේ රහස් පරීක්ෂකයන් විසින් මෙසේ සොයා ගෙන ඇත්තේ චීනයේ සහ මෙක්සිකෝවේ නිශ්පාදිත ෆෙන්තනිල්

නම් හෙරොයින්වලට වඩා පනස් ගුණයකටත් වඩා බලසම්පන්න ඖෂධයකි. නිලධාරීන් පවසන්නේ මෙය හෙරොයින් සමඟ මිශ්‍ර කර භාවිතා කිරීම නිසා එරට මත්ද්‍රව්‍යවලට සම්බන්ධයෙන් සිදු වන මරණ සංඛ්‍යාව ඉතා ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවයි‍. පසුගිය කාලය තුළ ටොම් පෙරී සහ ප්‍රින්ස් නම් ජනප්‍රිය ගායකයන් ඇතුළු ජනප්‍රිය පුද්ගලයන් රැසක් මේ ඖෂධය භාවිතා කිරීම නිසා ජීවිතක්ෂයට පත් වූ ඔවුන්ගේ මරණ පරීක්ෂණවලින් අනාවරණය විය.

මේ ඖෂධ තොගය මාළු පෙති අතර ගඩොල් කැට ප්‍රමාණයේ පාර්සල් ලෙස ඔතා සඟවා තිබී ඇත. 

නව අදහස දක්වන්න