ගුවන් ප්‍රහාරවලින් සිරියාවේ මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව 200 ඉක්මවයි | දිනමිණ

ගුවන් ප්‍රහාරවලින් සිරියාවේ මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව 200 ඉක්මවයි

 සිරියා රජයේ හමුදා දින කිහිපයක් පුරා ඩමස්කස්වලින් පිටත කැරළිකරුවන්ගේ පාලන ප්‍රදේශවලට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්වූ සිවිල් වැසියන් සංඛ්‍යාව 200 ඉක්මවා ඇති බව වාර්තා වේ .

ඝවුටා නගරයට එක් දිනක් තුළ එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයන් 54 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවද ඒ අතර ළමයින් 15 දෙනකු වන බවද නිරීක්ෂණ කණ්ඩායම් සඳහන් කරයි. කුඩා දරුවන් ප්‍රහාර වලින් බේරා ගැනීමට හිස් ලූ ලූ අත දිව යන වැඩිහිටියන් මෙන්ම තුවාල ලත් දරුවන් ගේ ඡායාරූප අන්තර් ජාලයේ ව්‍යාප්ත වීමත් සමඟ එරට අසරණ ළමයින් පිළිබඳ නැවතත් ජාත්‍යන්තර අවධානය යොමු වී තිබේ.

2013 වසරේ සිට මේ ප්‍රදේශය අත්පත්කර ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණා. කෙසේ වුවද පසුගිය සඳුදා සිට සිරියා රජයේ හමුදා ඝවුටා නගරය අත්පත්කර ගැනීමේ මෙහෙයුම් යළි ආරම්භ කරන ලද අතර ජගත් සංවිධානය සහ අමෙරිකාව කඩිනමින් සටන් විරාමයකට එළැඹෙන ලෙස සිරියා බලධාරීන්ගෙන් මේ වන විට ඉල්ලා තිබේ. එහෙත් සිරියාවේ ප්‍රධාන මිත්‍ර රාජ්‍යයක් වන රුසියාව පවසන්නේ සටන් විරාමය ගැටලුවට සැබෑ විසඳුමක් නොවන බවයි . 

 

නව අදහස දක්වන්න