අල්ලපු ගෙදර තොවිල් බලද්දී නිවසේ තිබූ රන් බඩු උස්සලා | දිනමිණ

අල්ලපු ගෙදර තොවිල් බලද්දී නිවසේ තිබූ රන් බඩු උස්සලා

දඹුල්ල මැණික්දෙන ප්‍රදේශයේ නිවසක අල්මාරියක තිබූ රුපියල් ලක්ෂයකට පමණ ආසන්න වටිනාකමකින් යුත් රන් භාණ්ඩ තොගයක් සොරා ගත් පුද්ගලයෙකු සැකපිට (13) දිනපෙරවරුවේ අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ යුධ හමුදාවෙන් පලා ආ(24) හැවරදි ගලේවෙල දඬුබැඳිරුප්ප ප්‍රදේශයේපදිංචිකරුවෙක් බව පොලිසිය කියා සිටී.

ඉකුත් දා රාත්‍රියේ මැණික්දෙන ප්‍රදේශයේ නිවසක තොවිලයක් පවත්වා ඇත. මැණික්දෙන ප්‍රදේශයේ නිවැසියන් තොවිලය බැලීම සඳහා ගිය අවස්ථාවේදී කිසියම් අයකු නිවසට ඇතුළු වී අල්මාරියේ තිබූ රුපියල් ලක්ෂයකට ආසන්න වටිනාකමකින් යුත් රන් භාණ්ඩ කිහිපයක් සොරාගෙන ගොස් ඇතැයි පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබිණි.

එම ප්‍රදේශයේ යතුරු පැදියකින් සැරිසැරූ පුද්ගලයෙකු පිළිබඳව නිවැසියන්ට තිබූ මතකය සහ ඔහුගේ හැඩහුරුකම් පොලිසියට ප්‍රකාශ කිරීමත් සමග පොලීසිය සැක පහළ කළ පුද්ගලයෙකු දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නයේ නඩුවකට පැමිණ සිටි අවස්ථාවේ දී සැකපිට ප්‍රශ්න අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම රන් භාණ්ඩ රජයේ බැංකුවකට උකස් කළ පත්‍රිකා කිහිපයක් හමුවී තිබේ.

ඒ අනුව බැංකුවට ගොස් එම රිසිට්පත් පරීක්ෂාකිරීමේදී මැණික්දෙන ප්‍රදේශයෙන් අතුරුදන් වූ රන් භාණ්ඩ බව හඳුනාගෙන ඇත. සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ප්‍රදේශයේ තවත් ගෙවල් බිඳුම් රැසක් පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බව දඹුල්ල පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගයාන් සමරකෝන් මහතා සඳහන් කළේය.

මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුට විරුද්ධව ගෙවල් බිඳුම් නඩු කිහිපයක්ම දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින බවත් ඔහු සොරකම් කරන ලද මුදල් වලින් වීශාල කොටසක් කාන්තා ඇසුර සඳහා වියදම් කරන බව පොලිස් ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී තිබේ.

දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගයාන් සමරකෝන් මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

සිගිරිය විශේෂ

නව අදහස දක්වන්න