අමෙරිකාවේ ධර්ම ප්‍රචාරක කටයුතු නිමකර පැමිණි නාහිමිට හරසර | දිනමිණ

අමෙරිකාවේ ධර්ම ප්‍රචාරක කටයුතු නිමකර පැමිණි නාහිමිට හරසර

අමෙරිකා එක්සත් ජනපදයේ ධර්ම ප්‍රචාර කටයුතු නිමකර පැමිණි නායක හිමියන්ව පිළිගැනීමේ උත්සවයක් පසුගියදා විහාරස්ථානයේදී සිදුකැරිණි.

කළුතර දිස්ත්‍රික් අධිකරණ ප්‍රධාන සංඝනායක කළුතර විජේමාන්න බෞද්ධ මධ්‍යස්ථානාධිපති හීනටියන්ගල සංදර්ශනාධිපති ආචාර්ය පූජ්‍ය දම්බුලුවන සුමංගල නාහිමියන් අමෙරිකාවේ වසර 1 ½ ක් පමණ ධර්ම ප්‍රචාර කටයුතු නිමකරමින් නැවත මවුබිමට පැමිණි පසු කළුතර නාගොඩ විජේමාන්න බෞද්ධ මධ්‍යස්ථානයේ හා හීනටියන්ගල සංදර්ශනාරාම විහාරස්ථ දායක දායිකාවන් ප්‍රධාන ප්‍රදේශවාසීන් ඇතුළු මහා සංඝරත්නය විසින් පිළිගැනීමේ උත්සවයක් හා බෝධි පූජා පින්කමක් සංවිධානය කර තිබිණි. මෙම අවස්ථාවට රත්මලාන සදහම් විහාරස්ථ මහානායක ගල්ටැම්ගොඩ පුරාණ විහාරයේ විහාරාධිපති කිරම ධම්මානන්ද හිමියන් හා පානදුර පිංවත්ත සද්ධම්මාකර විද්‍යායතන පිරිවෙනෙහි නියෝජ්‍ය පරිවේණාධිපති ශාස්ත්‍රපති පුජ්‍ය හේන්ගොඩ විමලනාථ, නාගොඩ ශ්‍රී සුදර්ශනාරාම නායකවිහාරාධිපති නාගොඩ දම්මවංශ හිමිවරුද කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධන, කළුතර ප්‍රා.සභාවේ හිටපු සභාපති ලක්ෂ්මන් විදානපතිරණ මහත්වරුද සහභාගි වූහ.

දොඩන්ගොඩ සමූහ
ජේ. ඒ. සී. පීරිස් 

නව අදහස දක්වන්න