බස් නැවැතුමේ වැසිකිළි මිහිපිට අපායක් | දිනමිණ

බස් නැවැතුමේ වැසිකිළි මිහිපිට අපායක්

කන්තලේ නගර මධ්‍යයේ පිහිටා ඇති ප්‍රධාන බස් නැවැතුම් පොළෙහි ඇති වැසිකිළි 3 ක් බස් නැවැතුම දැන් විවෘත කර අවුරුදු දෙකක් පමණ ගතවුවද මෙතෙක් වසා දමා තිබීම ගැන මගී ජනතාව තම දැඩි අප්‍රසාදය පලකරති.

කෝටි ගණන් වියදම් කොට මහජනතාවගේ පහසුවට ගොඩනැගිළි ඉදිකළද විශාල පිරිසක් ගැවසෙන මෙම නැවතුමෙහි ළඟ ඇති වැසිකිළි පද්ධතිය වසා තැබීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත් සතියක්, මාසයක් පමණක් නොව දැන් වසර ගණනාවක්ම ඒවා විවෘත කර හෝ විවෘත කිරීමට පියවරක් හෝ නොමැති බවත් මගී ජනතාව වැඩි දුරටත් පවසති.

මේ පිළිබඳව අප ප්‍රා.ස.ලේකම් ඩී.එම්.ප්‍රියන්ත මහතාගෙන් කළ විමසීමකදී කියා සිටියේ තමා සභාවේ වැඩ භාරගෙන ඉතාමත් කෙටි කාලයක් බත් වැසිකිළි 3 ම කාලයක් වසා දමා පාවිච්චියට නොගෙන තිබීම නිසා කැඩී බිඳී ගොස් තිබූ අතර ඒ වා අලුත්වැඩියා කර හැකි ඉක්මනින් විවෘත කිරීමට පියවර ගන්නා බවත්ය.

කන්තලේ සමූහ සුමිත්‍රා කුමාරිහාමි 


නව අදහස දක්වන්න

Or log in with...