කෝංගහවෙල රෝහල වෙනුවට නව රෝහලක් | දිනමිණ

කෝංගහවෙල රෝහල වෙනුවට නව රෝහලක්

මොරගහකන්ද ජලාශයේ අධි රක්ෂිතයට නතුව ඇති කෝංගහවෙල රෝහල වෙනුවෙන් අඹන ප්‍රෙද්ශයේ අංගසම්පූර්ණ නව රෝහලක් ඉදිකිරීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පියවර ගෙන තිබේ. මොරගහකන්ද කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මේ නව රෝහල ඉදිකෙරේ.

මේ නව රෝහලේ පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු සඳහා වැය කිරීමට යෝජිත ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 167.37 කි. පිරිමි හා ගැහැනු වාට්ටු ළමා හා මාතෘ වාට්ටු ශල්‍යාගාරය, රසායනාගාරය, රෝහල් කාර්ය මණ්ඩල නිල නිවාස, මෘත ශරීරාගාරය, මුළුතැන්ගෙය, ගබඩා හා ගිලන්රථ අංගණ ඊට ඇතුළත්ය.

මේ වනවිට මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවන් තෝරාගැනීම පිණිස ලංසු කැඳවා තිබෙන අතර ඒ යටතේ තෝරාගන්නා කොන්ත්‍රාත්කාර පාර්ශ්වයන් අදාළ ඉදිකිරීම් ලබන ජූනි මාසයට පෙර අවසන් කළ යුතු බවටද ව්‍යාපෘති කාර්යාලය හෙළි කරයි. රෝහල කෝංගහවෙල ඇතුළු අනෙකුත් බල ප්‍රදේශයේ පදිංචි පවුල් 5000 ට අධික සංඛ්‍යාවක් ජනතාවගේ සෞඛ්‍ය සේවා පහසුකම් සැපයීම සඳහා ස්ථාපිත කෙරේ. 

මාතලේ දිසා සංචාරක


නව අදහස දක්වන්න

Or log in with...