කබල්ලෑ මස් ළඟ තබාගත්තාට රුපියල් 30,000 ක් දඩ | දිනමිණ

කබල්ලෑ මස් ළඟ තබාගත්තාට රුපියල් 30,000 ක් දඩ

ගලේවෙල මධ්‍යම සමූහ පී.ජී. ගුණතිලක

වඳවී යාමේ තර්ජනයට ලක්වී තිබෙන මැරීමට තහනම් කර ඇති කබල්ලෑවකු මරා වේලන ලද කිලෝ 2 ක මස් තම සන්තකයේ තබාගෙන සිටි කොස්ගහහින්න ප්‍රදේශයේ පුද්ගලයකුට දඹුල්ල මහේස්ත්‍රාත් කෝසල ඉලංගසිංහ මහතා රුපියල් 30,000 ක දඩයක් නියම කළේය. සැකකරුගේ නිවසේ දුම්මැස්සේ වේලමින් තිබියදී මේ මස් කිලෝ 2 ක සොයාගෙන ඇති බව ‍ෙපාලිසිය පවසයි.

ගලේවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජානක විතානාච්චි, උප පොලිස් පරීක්ෂක සරච්චන්ද්‍ර, පොලිස් සැරයන් 52543 ගැමුණු, පොලිස් කොස්තාපල්වරුන් වන 40522, 57098, 61438 නිලධාරීහු වැටලීම සිදුකළහ. 

 

නව අදහස දක්වන්න