ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවක අතිරික්තය 4109ක් | දිනමිණ

ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවක අතිරික්තය 4109ක්

ඌව වෙල්ලස්ස සමුහ - වජිර උමගිලිය

ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට බදුල්ල මොනරාගල දිස්ත්‍රික්ක දෙකක් අයත් වේ. මේ දිස්ත්‍රික්ක දෙකෙහි අධ්‍යාපන සංවර්ධනය සඳහා ආයතන රාශියක් පිහිටුවා මහජන මුදලින් නඩත්තු කරනු ලබයි. ඒ අතර සේවක පුරප්පාඩු සංඛ්‍යාව 1974කි. එහෙත් සේවක අතිරික්තය 4109ක් බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මේ වන විට පළාතේ අධ්‍යාපන සංවර්ධනය සඳහා පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමත සේවක සංඛ්‍යාව 190කි. එහෙත් දැනට සිටින්නේ සේවකයන් 176ක් පමණි.

පුස්තකාල සේවා මණ්ඩලය තවත් ආයතනයක් අනුමත සේවක සංඛ්‍යාව 27කි. එහෙත් එහි සේවකයෝ 28ක් සේවය කරති. ඌව ප්‍රජා ගුවන් විදුලිය පළාතේ අධ්‍යාපනය වෙනුවෙන් සුවිශේෂි සේවයක් සිදුකළත් අනුමත සේවක සංඛ්‍යාව12කි. එහෙත් සේවක සංඛ්‍යාව 28කි. පළාත් අධ්‍යාපන දෙපාර්මේන්තුව බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටුවා ඇත. මෙහි අනුමත සේවක සංඛ්‍යාව 501ක් වුවත් මේ වන විට එහි සේවය කරන්නේ සේවකයන් 173කි. පස්සර අධ්‍යාපන කලාප කාර්යලයේ අනුමත සේවක සංඛ්‍යාව 1516ක් වුවත් මේ වන විට එහි 1546ක් සේවය කරති. මොනරාගල අධ්‍යාපන කලාප කාර්යාලයට අනුමත සේවකයන් 2448කි. ඒත් මේවන විට සේවය කරන සංඛ්‍යාව 2515කි. වැල්ලවාය අධ්‍යාපන කලාප කාර්යාලයට අනුමත සේවකයන් සංඛ්‍යාව 2700කි. මේ වන විට සේවය කරන සංඛ්‍යාව 1627කි. තණමල්විල අධ්‍යාපන කලාප කාර්යාලය මෑතක පිහිටුවන ලද අතර තාමත් එහි සේවක සංඛ්‍යාව අනුමත නොවුවත් 998ක් සේවය කරති. වියලුව මැතක පිහිටුවන ලද කලාප අධ්‍යාපන කාර්යාලයේ 1583 දෙනෙක් සේවය කරති.

මහියංගණ අධ්‍යාපන කාර්යාලය අනුමත සේවක සංඛ්‍යාව 1982කි. එහෙත් මේ වනවිට සේවය කරන්නේ 1738කි. බිබිල කලාප අධ්‍යාපන කාර්යාලයේ අනුමත සේවක සංඛ්‍යාව 1836ක් වූවත් මේ වන විට බිබිල කලාපයේ 2030ක් සේවය කරති. බණ්ඩාරවෙල අධ්‍යාපන කලාප කාර්යාලයේ අනුමත සේවක සංඛ්‍යාව2723කි. මේ වන විට එහි 3665 දෙනෙක් සේවය කරති.

වැලිමඩ අධ්‍යාපන කලාප කාර්යාලය අනුමත සේවක සංඛ්‍යාව 2754ක් වන අතර දැනට 3077ක් සේවය කරති. බදුල්ල අධ්‍යාපන කලාප කාර්යාලයට අනුමත සේවක සංඛ්‍යාව 3683කි. ඒත් මේ වන විට සේවක සංඛ්‍යාව 3370කි.

ඌව පළාතේ අධ්‍යාපනය නගසිටුවීම සඳහා පිහිටුවා ඇති ආයතනවල සේවය සඳහා අනුමත සේවක සංඛ්‍යාව 20,372කි. ඒත් 4109ත සේවක අතිරික්තයක් ඇති බව ඌව පළාත් අධ්‍යාපන අමත්‍යාංශය පවසයි. මේ වන විට මේ සේවාවන් සඳහා වාහන 46ක් ද මේ අමාත්‍යාංශයට සහ අදාළ ආයතන සතුව ඇත. එකම ස්ථානයක සේවය කිරීමට හැක් සේවා කාලය වසර 5ක් වුවත් මේ වන විට වසර 5ට වැඩි වසර 5-15 අතර එකම ස්ථානයේ සේවය කරන සේවකයන් විශාල ප්‍රමාණයක් ඌව පළාත් අධ්‍යාපන අමත්‍යාංශයෙන් පාලනය වන ආයතනවල සේවය කරන බව වාර්තා වේ. මේ අයට ස්ථාන මාරු ලබා දීමට මෙතෙක් පියවර ගෙන නොමැති බව දැනගැනීමට තිබේ. 

නව අදහස දක්වන්න