අබලන් පාරට පිළියම් තවම නෑ | දිනමිණ

අබලන් පාරට පිළියම් තවම නෑ

ඇඹිලිපිටිය මොරකැටිය හරහා සුරියවැව ප්‍රධාන මාර්ගය දැඩි ලෙස අබලන්වී ඇත. මෙම මාර්ගය සුරියවැව දක්වා ගමන් කිරීමට තිබෙන කෙටිම මාර්ගයයි. වාහන ධාවනය කිරීමට නොහැකි තරමට පාරේ ගල් ගැලවී ඇත. වසර ගණනාවකින් මෙය අලුත්වැඩියා කර නොමැති බව පෙනේ. මෑත කාලයේ දී ඇඹිලිපිටිය නගරයට ආසන්න කොටසක් අලුත්වැඩියා කළද එය ප්‍රමිතියකින් තොරව ඉදිාර ඇති බව පෙනේ. අලුත් වැඩියා කර ටික දිනකින් ගල් ගැලවී වාහන ධාවනය කිරීමට අපහසුවී ඇත. මෙය රජයේ මුදල් නාස්ති කිරීමක් බව ප්‍රදේශවාසීහු පවසති.

අතුරු මාර්ග කාපට් කර ඇතත් මෙම මාර්ගය අලුත්වැඩියා නොකරන්නේ මන්දැයි ජනතාව විමසති. වාහන විශාල ප්‍රමාණයක් ධාවනය කරන මෙම මාර්ගය හැකි ඉක්මනින් අලුත්වැඩියා කර දෙන ලෙස ප්‍රදේශයේ ජනතාව ඉල්ලා සිටිති.

වලස්මුල්ල විශේෂ එස්.කෝට්ටගේ

නව අදහස දක්වන්න