දූෂණයට එරෙහිව ජනපති උපදෙසින් වැඩපිළිවෙළක් | දිනමිණ

දූෂණයට එරෙහිව ජනපති උපදෙසින් වැඩපිළිවෙළක්

සමන්මලී ප්‍රියශාන්ති
නීතීඥ රජික කොඩිතුවක්කු මහතා අදහස් දක්වමින්, ඡායාරූපය - සමන් ශ්‍රී වෙදගේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත දුෂණය, අල්ලස, වංචාව, අක්‍රමිකතා සහ නාස්තියට එරෙහි පුළුල් ජනතා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලය කටයුතු යොදා ඇත.

2015 ජනාධිපතිවරණයේදී ජනතාවට ලබා දුන් පොරොන්දුවක් ඉටු කිරීම සඳහා ජනාධිපතිවරයාගේ සෘජු මැදිහත්වීමෙන් ආරම්භ කෙරෙන මෙම වැඩපිළිවෙළ ජනාධිපති ලේකම් කාර්යාලයේ ස්ථිපිත කර තිබෙන දුෂණය,අල්ලස,වංචාව,අක්‍රමිකතා සහ නාස්තිය පිටු දැකීමේ මධ්‍යස්ථානය යටතේ ක්‍රියාවට නැංවේ.

ඒ අනුව රටේ සිදු වන ඕනෑම දුෂණයක්, වංචාවක් සම්බන්ධයෙන් ඕනෑම අයෙකුට මෙම මධ්‍යස්ථානයට පැමිණිලි කිරීමට හැකියාව ලැබෙන අතර පැමිණිල්ල ලැබුණු දින සිට මාස තුනක් ඇතුළත ඊට සම්බන්ධ වැරදිකරුවන් නීතිය හමුවට පැමිණවීමේ කටයුතු මෙම මධ්‍යස්ථානය හරහා සිදු කෙරේ.

මෙම මධ්‍යස්ථානයට මේ වන විට පැමිණිලි 40 ක් පමණ ලැබී තිබෙන අතර පැමිණිලි භාර ගැනීමේ කාලය මාර්තු 1 වැනිදායින් අවසන් වේ.

මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (13) පැවැති අතර එහිදී අදහස් දැක්වු ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් නීතිඥ රජීක කොඩිතුවක්කු මහතා පැවසුවේ,පැමිණිලි ලැබෙන ආකාරය අනුව භාර ගැනීමේ කාලය දීර්ඝ කිරීම කෙරෙහි අවධානය යොමු කරන බවයි. 0764654600 සහ 0775770882 දුරකතන අංකවලට සහ 011 2431502 ෆැක්ස් අංකයට, [email protected] විද්‍යුත් ලිපිනයට පැමිණිලි යොමු කළ හැකි බවත් ඒ මහතා කීය.

ඒ අනුව රාජ්‍ය ආයතනයක හෝ පුද්ගලයකු හෝ සිදු කරන දුෂණයක්, වංචාවක් සම්බන්ධයෙන් මෙම මධ්‍යස්ථානයට නිර්ණාමිකව හෝ දැනුම්දීමට ඕනෑම අයෙකුට හැකියාවක් පවතින බවත් කීවේය.

එම ලැබෙන පැමිණිල සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන කාර්යාලයේ නිලධාරීන් හරහා විමර්ශනය කර සත්‍යතාවය තහවුරු කර ගැනීමෙන් අනතුරුව නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර නීතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා සෘජුව දායක වන බවද හෙතෙම පැවසීය.

මෙමඟින් ඉතා ඉක්මණින් දුෂිතයින් නීතිය හමුවට ගෙන ඒමට හැකියාව ලැබෙන බවත් එමඟින් වංචාව, දුෂණය, නාස්තිය අවම කිරීමට හැකියාව ලැබෙන බවත් කොඩිතුවක්කු මහතා කීවේය.

මෙහිදී අදහස් දැක්වු ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් අ.නී.ර. අමරතුංග මහතා මෙසේද පැවසිය.

මෙම වැඩපිළිවෙළ පුළුල් දේශපාලන සහ සමාජ සංස්කෘතියක් ගොඩනැඟීම, පරිපාලන පද්ධතිය බල ගැන්වීම සහ ශක්තිමත් කිරීම, නීති පද්ධතිය සහ නීති පසඳලීමේ ආයතන විධිමත් කිරීම මුල් කර ගනිමින් ආරම්භ කිරීමට නියමිතයි. දුෂණය, වංචාව, නාස්තිය දුරු කර පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩ නැඟීමේ ජනාධිපතිවරයාගේ අරමුණයි. දුෂණය පවතින්නේ නාස්තියට ඉඩ ඇති විටයි. මෙම මධ්‍යස්ථානයට නෛතික බලයක් නැහැ. නෛත්‍රික තත්ත්වයක් ගැන ජනාධිපතිතුමා සෘජුව මැදිහත් වී ක්‍රියා කරනවා. ඒ අනුව අපට ලැබෙන පැමිණිලි ගැන හැකි ඉක්මණින් විමර්ශනය කර නීතිය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. යැයි කීවේය.

අදහස් 2ක් ඇත

Finally we see this achievement. People are keep telling this for years. No leaders understand to setup this or they purposely ignore this. If President able to do this he can rules government for ever..!!!

Finally we see this achievement. People are keep telling this for years. No leaders understand to setup this or they purposely ignore this. If President able to do this he can rules government for ever..!!!

නව අදහස දක්වන්න