නීති විරෝධි දුම්වැටි තොගයක් ගුවන් තොටේදී අත්අඩංගුවට | දිනමිණ

නීති විරෝධි දුම්වැටි තොගයක් ගුවන් තොටේදී අත්අඩංගුවට

නීති විරෝධි ලෙස ඩුබායි රාජ්‍යයේ සිට ගෙනා රුපියල් ලක්ෂ විස්සකට අධික වටිනාකමකින් යුත් දුම්වැටි තොගයක් ඊයේ (13) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් න් අත්අඩංගුවට ගෙන ඇත. මෙම නිති විරෝධි දුම්වැටි තොගය මෙරටට රැගෙන විත් ඇත්තේ ඩුබායි හි සේවය කළ ශ්‍රී ලාංකික ගෘහ සේවකයින් තිදෙනෙක් වන අතර ඔවුන්ගේ ගමන් මළු වල විදේශීය නිෂ්පාදිත ගෝල්ඩ් ලීෆ් වර්ගයේ දුම්වැටි කාටූන් 159 ක් සහ පැකට් 462 ක් තිබී ඇති බව රේගුව පවසයි. මෙම දුම්වැටි තොගය රාජසන්තක කර එම සැකකරුවන් තිදෙනාට අවවාද කර නිදහස් කර ඇති බව රේගුව වැඩිදුරටත් කියා සිටියේය. 

සුභාෂීණී සේනානායක සහ නිමල් රාජපක්ෂ


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...