පල්ලේගමදී මගී ප්‍රවාහන බස් රථයකට ගිනි තබලා | දිනමිණ

පල්ලේගමදී මගී ප්‍රවාහන බස් රථයකට ගිනි තබලා

අසේල කුරුළුවංශ

අංකුඹුර පල්ලේගම ප්‍රදේශයේ නවතා තිබූ මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථයක් ඊයේ (13) අලුයම කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අංකුඹුර පොලීසිය පරීක්ෂණ පවත්වයි.

අංකුඹුර පල්ලේගම හරහා මහනුවර දක්වා ධාවනය කෙරෙන මෙම බස් රථය පෙරේදා (12) දහවල් 12.00 ට පමණ එහි හිමිකරු විසින් නිවස ආසනයේ මාර්ගයට යාබද ස්ථානයක ගාල්කර තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණයවී ඇත. අසල්වාසීන් පිරිසක් ඊයේ (13) අලුයම 3.00 ට පමණ කෑගසමින් බස් රථය ගිනි ගන්නා බව දැනුම් දුන් බවත් එහි යනවිට බස් රථය සම්පූර්ණයෙන්ම ගිනි ගෙන තිබූ බවත් එහි හිමිකරු එන්.කේ සෝමවීර පැවසීය. තමන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන ගමන් මඟ යනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයට මෙවර මැතිවරණයේදී සහයෝගය ලබාදුන් බවත් බස් රථය ගිනි ගැනීම දේශපාලන විරුද්ධවාරියෙකු විසින් සිදු කළේද යන්න පිළිබඳ මෙතෙක් කිසිදු සාක්කියක් නොමැති බවත් ඔහු ප්‍රකාශ කෙළේය.

සිද්ධිය සම්බන්ධයෙන් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර රස පරීක්ෂක වාර්තාවක් කැඳවීමට පොලීසිය පියවර ගෙන තිබේ.

අංකුඹුර පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පාලිත ජයරත්න මහතාගේ මෙහෙයවීමෙන් සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙයි. 


නව අදහස දක්වන්න

Or log in with...