ලසන්ත ඝාතනයට හිටපු නි.පොලිස්පතිවරයෙකු අත්අඩංගුවට | දිනමිණ

ලසන්ත ඝාතනයට හිටපු නි.පොලිස්පතිවරයෙකු අත්අඩංගුවට

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
 
මෙම සිද්ධියට අදාළව කරුණු වසන් කිරීමේ චෝදනා යටතේ මොහු අත්අඩංගුවට ගෙන තිබේ.
 
අදාළ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මහතා ඊයේ(13) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
 
ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය සිදුවූ කාලයේ ගල්කිස්ස ප්‍රදේශය භාරව, බස්නාහිර දකුණ පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය‍ පොලිස්පතිවරයා ලෙස ප්‍රසන්න නානායක්කාර මහතා කටයුතු කර තිබූ බව පොලීසිය පවසයි.
 
ඔහු අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳන් කරයි.

නව අදහස දක්වන්න

Or log in with...