ග්‍රෑන්ඩ්පාස් මියගිය සංඛ්‍යාව 07 දක්වා ඉහලට - UPDATE | දිනමිණ

ග්‍රෑන්ඩ්පාස් මියගිය සංඛ්‍යාව 07 දක්වා ඉහලට - UPDATE

කොළඹ - ග්‍රෑන්ඩ්පාස් - බාබාපුල්ලේ ප්‍රදේශයේ පිහිිටි තේ ගබඩා කර තිබූ ගොඩනැගිල්ල කඩාවැටීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මේ වනවිට 07 දක්වා ඉහළ ගොස් තිබේ.

අනතුරින් මියගිය පිරිස අතර පිරිමි පුද්ගලයන් 04 දෙනෙකු සහ කාන්තාවන් 03 දෙනෙකු වෙයි.

ග්‍රෑන්ඩ්පාස් ගොඩනැගිල්ලක් කඩා වැටෙයි - UPDATE

කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් මිය ගොස් තිබේ.

එහි සිර වී ඇති කිහිප දෙනෙක් බේරා ගැනීම සඳහා පොලීසිය මේ වන විට කටයුතු කරමින් සිටින අතර තුවාල ලැබී තවත් දෙදෙනෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

තේ ගබඩා කර තිබූ පැරණි ගොඩනැගිල්ලක් කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.

 

අදහස් 1ක් ඇත

නව අදහස දක්වන්න