ජයගත් සන්ධාන නියෝජිතයන් හෙට කොළඹට | දිනමිණ

ජයගත් සන්ධාන නියෝජිතයන් හෙට කොළඹට

මැතිවරණයට ඉදිරිපත්ව ජයග්‍රහණය කළ නියෝජිතයන් සහ ජනාධිපතිවරයා අතර විශේෂ හමුවක් හෙට පැවැත්වෙයි.

කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්වෙන එම අවස්ථාවට සහභාගි වන්නේ, මෙවර පළාත් පාලන මැතිවණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නායකත්වය දුන් දේශපාලන පක්ෂ සහ සන්ධාන නියෝජනය කරමින් තරග වැදුනු අපේක්ෂකයින්ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ලංකා කම්කරු කොංග්‍රසය, ජාතික කොංග්‍රසය සහ ඊ පී ඩී පී පක්ෂය නියෝජනය කරමින් තරග කර ජයග්‍රහණය කළ සියලු අපේක්ෂක අපේක්ෂිකාවන් මීට එක්වීමට  නියමිතයි.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...