ද.අප්‍රිකා ජනපතිට ඉල්ලා අස්වීමට පැය 48ක කාලයක් | දිනමිණ

ද.අප්‍රිකා ජනපතිට ඉල්ලා අස්වීමට පැය 48ක කාලයක්

දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකෝබ් පූමාට ඉල්ලා අස්වීම සඳහා එරට පාලක පක්ෂය වන අප්‍රිකානු ජාතික කොංග්‍රසය පැය 48ක කාලයක් ලබා දී තිබේ. ජනාධිපති ජේකොබ් සූමා වෙනුවට අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ නායකයා ලෙස තෝරා ගැනුණු සිරිල් රමෆෝසාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ විධායක කමිටුව පැය 8ක් මුළුල්ලේ පැවැත් වූ රැස්වීමකින් අනතුරුව මේ තීරණයට එළැඹ තිබේ. ජනාධිපති ජේකොබ් සූමාගේ වසර 09ක පාලන කාලය තුළ විශාල මූල්‍ය දූෂණ සිදුවූ බවට චෝදනා එල්ල වන අතර පක්ෂ නායකත්වයෙන් ඉවත් කළද මෙතෙක් ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වී නැත. 

නව අදහස දක්වන්න