විදෙස් වොලිබෝල් පුහුණුකරු එයි | දිනමිණ

විදෙස් වොලිබෝල් පුහුණුකරු එයි

 ශ්‍රී ලංකාවේ වොලිබෝල් ක්‍රීඩාව ජාත්‍යන්තරයේ ඉහළ මට්ටමකට ගෙනයාමේ මුලික පියවරක් ලෙස ජ්‍යෙෂ්ඨ පිරිමි ජාතික වොලිබෝල් සංචිතය සඳහා විදේශිය පුහුණුකරුවකු එක්කර ගැනීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය කටයුතු කළේය.

ඒ අනුව සර්බියානු ජාතික ඩිජාන් වුලිසිවික් මහතා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් මෙරටට කැඳවූ අතර ඔහු පෙරේදා (13) සිට ජ්‍යෙෂ්ඨ පිරිමි ජාතික වොලිබෝල් සංචිතයේ පුහුණුකරු ලෙස වැඩ භාර ගත්තේය.

නව අදහස දක්වන්න