ලංකා කම්කරු කොංග්‍රසයේ සාමාජිකයෝ ජනපති හමුවෙති | දිනමිණ

ලංකා කම්කරු කොංග්‍රසයේ සාමාජිකයෝ ජනපති හමුවෙති

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් මහතා ඇතුළු එහි සාමාජිකයින් පිරිසක් ඊයේ (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූහ.

පවතින දේශපාලන තත්ත්වය සහ ඉදිරි කටයුතු පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක්වූ අතර, ඒ පිළිබඳ ජනාධිපතිවරයා ගන්නා ඕනෑම තීරණයකට සහය පළකරන බව ද ආරුමුගම් තොණ්ඩමන් මහතා ප්‍රකාශ කළේය. 

නව අදහස දක්වන්න