සැනසුම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙන් සාමාජිකයන්ට උපකාර | දිනමිණ

සැනසුම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙන් සාමාජිකයන්ට උපකාර

 වත්තල හැඳල තිඹිරිගස්යාය සැනසුම ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධානය තම සාමාජිකයකු රෝගාතුර වූ අවස්ථාවලදී ඔහුට හෝ ඇයට බෙහෙත් ගැනීම සඳහා රු.3000/- ක ආධාර මුදලක් පරිත්‍යාග කරයි.

පසුගියදා එම සංවිධානයේ මර්සිනා නම් ක්‍රියාශීලි සාමාජිකාව ඔත්පල වූ අවස්ථාවේදී ඇය සොයා ගොස් අදාළ මුදල පරිත්‍යාග කළාය.

මෙම අවස්ථාවට සමිතියේ උප සභාපති පද්මා සොයිසා , ගිණුම් පරීක්ෂක මයිකල් අමරකෝන් සමඟ සභාපති, ‍ලේකම් , භාණ්ඩාගාරික මහත්ම මහත්මීහු සම්බන්ධවී සිටියහ.

උප සභාපති පද්මා සොයිසා හා ගිණුම් පරීක්ෂක මයිකල් අමරකෝන් මහත්ම මහත්මීහු අදාළ පරිත්‍යාගය මර්සිනා මහත්මියට ලබාදුන් අයුරු.

සටහන සහ ඡායාරූපය
හැඳල විශේෂ - ජූලියන් කෝරාල 

නව අදහස දක්වන්න