හලාවත මාළු පොළේ සල්ලි ගැරූ කල්ලිය කොටු | දිනමිණ

හලාවත මාළු පොළේ සල්ලි ගැරූ කල්ලිය කොටු

 හලාවත මාළු වෙළෙඳ පොළේ සේවය කළ හලාවත නගර සභාවේ සේවකයන් ඉවත් කර මාළු වෙළෙදුන්ගෙන් මුදල් එකතු කිරීමට උත්සාහ කළ කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට හලාවත පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත .ඉකුත් දා හලාවත නාගරික ලේකම් ජයසිරි අමරතුංග මහතා විසින් හලාවත පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත මේ පරීක්ෂණ ආරම්භ කර ඇත.

මේ කණ්ඩායමට අයත් බවට සැක කරන තරාදියක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ සිදුවීමෙන් පසු හලාවත ප්‍රධාන මාළු වෙළෙඳ පොළට පොලිස් ආරක්ෂාව යොදවා තිබු අයුරු දක්නට ලැබිණි. මේ වන විට හලාවත ප්‍රධාන මාළු වෙළෙඳ පොළ හලාවත නගර සභාව මඟින් පාලනය කරන අතර ටෙන්ඩර් කිරීමකින් තොරව මෙහි පාලනය ඉදිරියටත් කරන බව හලාවත නගර සභාවේ ලේකම් ජයසිරි අමරතුංග මහතා පැවසිය .

සටහන සහ ඡායාරූපය- ප්‍රසාද් පුර්ණාමාල් ජයමාන්න පුත්තලම දිසා සමුහ 

 

නව අදහස දක්වන්න