ජාතික ආණ්ඩුවෙන් යම් පිරිසක් ගියොත් ගන්නා පියවර ගැන අගමැති මැති ඇමැතිවරු සාකච්ඡා | දිනමිණ

ජාතික ආණ්ඩුවෙන් යම් පිරිසක් ගියොත් ගන්නා පියවර ගැන අගමැති මැති ඇමැතිවරු සාකච්ඡා

ශිරෝමි අබයසිංහ

ජාතික ආණ්ඩුවෙන් යම් පිරිසක් ඉවත් වුවහොත් ඒ අනුව අවශ්‍ය සංශෝධන සිදු‍ කිරීම සම්බන්ධයෙන් ඊයේ(14) අරලිය ගහ මන්දිරයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂයේ මැති ඇමැතිවරුන් සමඟ පැවැති රැස්වීමේදී සාකච්ජා වී‍ තිබේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ උදේ පැවැති කැබිනට් රැස්විමෙන් පසු අරලිය ගහ මන්දිරයේ දී මෙම රැස්වීම පැවැතිණි.

රජයේ ඉදිරි පැවැත්ම පිළිබඳ තීරණ ගැනීමට කරුණු සොයා බැලිම සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කමිටු දෙකක් පෙරේදා පත් වුණු අතර අමාත්‍යවරුන් වන මලික් සමරවික්‍රම, මංගල සමරවීර, අකිල විරාජ් කාරියවසම්, හරීන් ප්‍රනාන්දු සහ තලතා අතුකෝරල මහත්මිය එක්සත් ජාතික පක්ෂයෙන් පත් කළ කමිටුවට අයත් වේ.

පෙරේදා (13) රාත්‍රියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරුන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවීමේදී මෙම කමිටුව පත් කෙරිණි. ආණ්ඩුව ඉදිරියට ගෙන යන ගමන් පසුගිය මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල අනුව කරුණු විශ්ලේෂණය කර ඉදිරි මැතිවරණවලට පක්ෂයක් ලෙස ශක්තිමත්ව මුහුණ දීමට ගත යුතු ක්‍රියා මාර්ග තීරණය කිරීමට ද එක්සත් ජාතික පක්ෂය තවත් කමිටුවක් පත් කර තිබේ. 

නව අදහස දක්වන්න