නාලක ගොඩහේවාට එරෙහි නඩුව හෙටට කල් යයි | දිනමිණ

නාලක ගොඩහේවාට එරෙහි නඩුව හෙටට කල් යයි

කුමුදු හෙට්ටිආරච්චි

තාරුණ්‍යයට හෙටක් සංවිධානයට ලබාදුන් රුපියල් ලක්ෂ පනහක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය ඇතුළු අධි චෝදනා ලැබ සිටින ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව නඩුව වැඩිදුර විභාගය කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා විසින් හෙට (16) වැනිදාට කල්තබන ලදී.

අධිචෝදනා තුනක් යටතේ විත්තිකරුවනට එරෙහිව පවරා ඇති නඩුවේ විභාගය ඊයේ (14) ආරම්භ කෙරුණු අතර ආචාර්ය නාලක ගොඩහේවා, ශ්‍රී ලංකා විනිමය සුරැකුම්පත් කොමිෂන් සභාවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධම්මික පෙරේරා හා තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ ක්‍රීඩා අධ්‍යක්ෂ රොනී ඉබ්‍රාහිම් යන විත්තිකරුවෝ අධිකරණය හමුවේ පෙනී සිටියහ.

2013/08/06 හා 2013/08/18 අතර කාලයේ ශ්‍රී ලංකා විනිමය සුරැකුම්පත් කොමිෂන් සභාවේ මහා සභා රැස්වීමකදී අනුමත කරගත් ඉහත මුදල තාරුණ්‍යයට හෙටක් සංවිධානය වෙනුවට සිලෝන් ප්‍රිමියර් ස්පෝර්ට්ස් වෙත බැර කිරීම ඇතුළු චෝදනා තුනක් මත නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත. 

නව අදහස දක්වන්න