අය වැයේ ප්‍රග­තිය මැන බලයි | දිනමිණ

අය වැයේ ප්‍රග­තිය මැන බලයි

වසර 2018 අයවැයෙන් රට හමුවේ තැබූ අයවැය යෝජනා 193 අතුරින් දැනට කොපමණ ප්‍රමාණයක් ක්‍රියාත්මක වී ඇත්දැයි සොයා බලා පළමු ප්‍රගති සමාලෝචන වාර්තාව මේ මාසය අවසානයේ දී නිකුත් කිරීමට පියවර ගන්නා බව මුදල් හා ජනමාධය අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.අමරතුංග මහතා ප්‍රකාශ කෙළේ ය.

නව ව්‍යවසායකත්වව හා නව නිපැයුම්වලට මුල්තැන ලබාදෙන සීන - හරිත ආර්ථිකයක් ගොඩනැඟීමේ අයවැය යෝජනා එකින් එක සාර්ථකව ක්‍රියාවට නැංවීම තම අරමුණ බවද ලේකම්වරයා කීය.

අයවැයෙන් කළ යෝජනා තුළින් රටේ කෘෂිකර්මාන්තයේ, ධීවර, පශු සම්පත්, වනජීවී, කාර්මික හා සේවා අංශවල නව රැකියා අවස්ථා බිහි කිරීම, ජනතාවගේ ආදායම් අවස්ථා පුළුල් කිරීම ඉලක්ක කළ බව කී ලේකම්වරයා එම යෝජනා එකින් එක සාර්ථකව ක්‍රියාවට නැංවීම විවිධ අමාත්‍යංශවලට පැවැරුණු බවද කීය.

මේ අන්දමමට ඒ ඒ ආයතනවලට පැවැරුණු වගකීම් නිසි ලෙස ඉටු කොට ඇත්දැයි මේ මාසය අවසානයේ නිකුත් කරන ප්‍රගති සමාලෝචන වාර්තාවෙන් හෙළිවනු ඇතැයිද ආචාර්ය සමරතුංග මහතා සඳහන් කෙළේ ය.

මේ වාර්තාවෙන් පසු වඩාත් වේගයෙන් අයවැය යෝජනා ක්‍රියාවට නැංවීමට මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා විසින් සියලු අංශ වෙත උපදෙස් ලබා දෙනු ඇත.

මහා භාණ්ඩාගාරය සියලු සංවර්ධන සුබසාධන හා අයෝජන වැඩසටහන් සම්බන්ධීකරණය කරනු ලබන අතර, ඒවා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නව නීති රීති හඳුන්වාදීමට, සංශෝධනය කිරීමට සූදානම් බවද ලේකම්වරයා කීය. 

ජය­සිරි මුණ­සිංහ  

නව අදහස දක්වන්න