ඇලෝ කෝමා ඖෂ­ධීය කෝමා­රිකා පානය ඉර­හඳ වෙද ගෙද­රින් | දිනමිණ

ඇලෝ කෝමා ඖෂ­ධීය කෝමා­රිකා පානය ඉර­හඳ වෙද ගෙද­රින්

වටිනා ඖෂධීය ගුණයෙන් යුතු පෝෂණීය සංඝටක රැසකින් සමන්විත දිව්‍යමය ඖෂධයක් වැනි කෝමාරිකා අඩංගු ඇලෝ කෝමා (Aloe Koma) ඖෂධීය සිසිල් බීම පානය ඉරහඳ වෙද ගෙදර වෙළෙඳ පොළට හඳුන්වා දී තිබේ. ඇලෝ කෝමා පානයේ ඇති සුවිශේෂත්වය වන්නේ ගැස්ට්‍රයිටීස් හේතුවෙන් ඇති වන බඩේ දැවිල්ල තුනී වීමෙන් එයට ඉක්මන් සුවයක් ලැබීමය. එමෙන්ම මත්පැන්වලින් සහ වෙනත් බීම වර්ගවලින් අක්මාවට සිදු කරන හානිය අවම කිරීම ද මෙමගින් සිදු කෙරේ.

නිදහසේ හැදෙන වටිනා ඖෂධයක් වන කෝමාරිකාවල ඇති යුෂවලින් ගැස්ට්‍රයිටීස් රෝගී තත්ත්වයේ දී බඩවැලේ සහ ආමාශයේ ඇති වන සියුම් තුවාල ඉක්මනින් සුවපත් කරයි. ගැස්ට්‍රයිටීස් රෝගය ඇති වූ විට අපේ පැරැන්නන් සහ ගැමියන් පුරුදුව සිටියේ කෝමාරිකා යුෂ හිස් බඩට ආහාරයට ගැනීමටය. එහෙයින් ඔවුහු විශාල සුවයක් ලැබූහ. තවත් එක් නිදසුනක් වන්නේ අපේ පැරැන්නන් සහ ගැමියන් ශරීරයේ සම මතුපිට යම් පිලිස්සීමක් සිදු වූ විට කෝමාරිකා කෑල්ලක් ඇතිල්ලීමය. එමගින් පිලිස්සුම් තුවාලවල වේදනාව වහා සුව වන අතර පිලිස්සුම් තුවාලද ඉක්මනින් සුව වේ. කෝමාරිකා අතීතයේ පටන්ම කාන්තාවන්ගේ රුව වඩන චර්ම පෝෂණ ආලේපයක් ලෙස ද භාවිත කර ඇත. හිසතෙල් ගල්වනයක් ලෙස ද කෝමාරිකා යුෂ භාවිත කරන අතර එමගින් හිසේ ඇති වන වියළි බව තුරන් වී සිසිල් පෝෂණයක් හිසට ලබා දේ. වස විස නැති ඖෂධ නිෂ්පාදනය කිරීමෙන් කීර්ති නාමයක් දිනා සිටින ඉරහඳ වෙද ගෙදර වෙළෙඳ පොළට ඉදිරිපත් කරන නිෂ්පාදනවල අරමුණ වන්නේ දීර්ඝායුෂ විඳින නිරෝගිමත් පුද්ගලයන් බිහි කිරීමය. ISO 9001:2015 ජාත්‍යන්තර තත්ත්ව සහතික සහ WHOGMP යන සෞඛ්‍යාරක්ෂිත සහතික ලබා තිබෙන ආයුර්වේද නිෂ්පාදනාගාරයක් තුළ ඇලෝ කෝමා ඖෂධීය පානය නිෂ්පාදනය කෙරේ. මෙය දිවයිනේ සියලු ආයුර්වේද වෙළෙඳසල්, ආර්පිකෝ, කාගීල්ස්, කීල්ස් ඇතුළු සුපිරි වෙළෙඳසල්වලින්, වෙළෙඳසල්වලින් සහ ෆාමසිවලින් මිල දී ගත හැකිය.


නව අදහස දක්වන්න

Or log in with...