ඔඩෙල් 2018 වසන්ත විලා­සිතා එක­තු­වෙන් සුන්දර මුහුදු වෙරළ පරි­ස­රයේ විචි­ත්‍ර­ත්වය මවයි | දිනමිණ

ඔඩෙල් 2018 වසන්ත විලා­සිතා එක­තු­වෙන් සුන්දර මුහුදු වෙරළ පරි­ස­රයේ විචි­ත්‍ර­ත්වය මවයි

විලාසිතා යනුවෙන් හඳුන්වන්නේ අවස්ථාවන්, වේලාවන් සහ ස්ථානවලට සුදුසු පරිදි ඇඳ පැළඳීම නම් ඔඩෙල් විසින් සුන්දර මුහුදු වෙරළ පරිසරයේ විචිත‍්‍රත්වය උකහා ගනිමින් ඉදිරිපත් කර තිබෙන 2018 වසන්ත විලාසිතා එකතුව මගින් දේශීය සහ විදේශීය පාරිභෝගිකයන්ට තම විලාසිතා රුචිකත්වය පුරවා ගැනීමට කදිම අවස්ථාවක් උදාවී ඇත.

අඛණ්ඩ වෙරළ තීර නිවාඩු සිරියක් මවන මේ වසන්ත විලාසිතා එකතුව ඉදිරිපත් කර තිබෙන්නේ වෙරළ පරිසරයේ සුන්දරත්වය විලාසිතා සඳහා නිර්මාණශීලීව යොදා ගනිමිනි. මීට අමතරව, ‘නූතන දියකිඳුරු’ විලාසිතා රැල්ලද මේ විලාසිතා එකතුවට එක්කර තිබීම කැපී පෙනේ.

zBeyond the SeaZ ලෙස තේමාකර ගත් මේ නව එකතුව පසුගිය දා එළි දක්වන ලදී. මේ විලාසිතා එකතුව chiffon, crepe, cotton viscose, linen, crushed velvet, sequin silk වැනි රෙදි වර්ග සහ සිකුයින්වලින් හැඩගැන්වූ රෙදිපිළිවලින් නිර්මාණය කර තිබේ.

ඉරි රටා, නිවර්තන කලාපීය රටා සහ ශාඛ රටාවන්ගෙන් හැඩ වූ මේ විලාසිතා එකතුව Balmain, Gucci, Valentino, Prada, Elie Saab සහ Jason Wu වැනි සුප‍්‍රසිද්ධ නිර්මාණකරුවන්ගේ ආභාශය ලබා ඇති අතර නිල්, රෝස, කොල, රන්, රිදී, කහ, දුඹුරු සහ රතු වර්ණ සංකලනයන්ගෙන් යුක්ත වේ. මෙහි දී, කැපී පෙනෙන්නේ මුහුදේ තිබෙන දිදුලන පැහැයන් සහ හිරු බසින විට තිබෙන සුන්දරත්වය මේ විලාසිතා එකතුවේ හැඩ වැඩිකර ගැනීමට එක්කර තිබීමයි.

‘වසන්තය සෑමදෙනාට උද්යෝගිමත් විය හැකි කාලයක්. එය නිවෙස්වලින් බැහැරට ගොස් මුහුදු වෙරළ පරිසරයේ තිබෙන සුන්දරත්වය විඳගන්නා කාලයක්. අපගේ 2018 වසන්ත විලාසිතා එකතුව සඳහා මේ තේමාව ලෙස යොදාගෙන තිබෙන්නේ ඒ නිසයි. විශේෂයෙන්ම මේ වනවිට ලෝකයේ ජනප‍්‍රිය ‘දිය කිඳුරු’ රැල්ල අපි මේ සඳහා එකතු කර තිබෙනවා’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් ඔඩෙල් විලාසිතා ජාලය අයත් වන සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් සමාගමේ සමූහ අලෙවිකරණ අධ්‍යක්ෂ, ඩෙසිරේ කරුණාරත්න මහත්මිය සඳහන් කළාය.

නව අදහස දක්වන්න