2018 ප්‍රමු­ඛ­තම පාරි­භෝ­ගික ප්‍රව­ණතා 10 | දිනමිණ

2018 ප්‍රමු­ඛ­තම පාරි­භෝ­ගික ප්‍රව­ණතා 10

ශ්‍රී ලංකාවේ වඩාත් නිර්මාණශීලී වෙළෙඳ ප්‍රචාරණ ආයතනයක් වන MullenLowe Sri Lanka සහ ප්‍රමුඛ පෙළේ පාරිභෝගික හැසිරීම් සමීක්ෂණ සමාගමක් (consumer behaviour specialists company වන Quantum Consumer Services 2018 වර්ෂයේ දී මෙරට ප්‍රධානතම පාරිභෝගික ප්‍රවණතාවයන් 10 ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන ලදී. කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ දී පසුගිය දා පැවැති CIM —Talking Point සමුළුවේදී මේ පාරිභෝගික ප්‍රවණතා එළිදැක්වීම සිදු විය.

MullenLowe Sri Lanka සමාගමේ සම නියෝජ්‍ය ප්‍රධානී සහ ක්‍රමෝපායික සැලසුම් ප්‍රධානී, අභිෂේක් හරිහරන් මහතා සහ MullenLowe Sri Lanka සමාගමේ ජ්‍යෙෂ්ඨ උපදේශක, චිත්‍රාංගනී හේරත් ගුණරත්න මහත්මිය එම අවස්ථාවේ දී අදහස් දැක්වූහ. ඉදිරි කාලසීමාවේ දී වෙනස්වන පාරිභෝගික හැසිරීම් රටාවන් අනුව සන්නාමයන් ගත යුතු ක්‍රියාමාර්ගයන් පිළිබඳව ඔවුන් එහි දී අදහස් දක්වන ලදී. ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොළ සහ පාරිභෝගිකයන්ගේ මිලදී ගැනීමේ කැමැත්ත පිළිබඳව MullenLowe Sri Lanka සතු අවබෝධය සහ පාරිභෝගිකයන්ගේ හැසිරීම පිළිබඳව Quantum සමාගම සතු විශිෂ්ට සමීක්ෂණ පළපුරුද්ද මේ සඳහා විශාල පදනමක් ලබා දී තිබේ. MullenLowe සමාගම පුළුල් පරාසයක පාරිභෝගික කොටස් සමග කටයුතු කරන අතර එම පාරිභෝගික පිරිසෙහි අවශ්‍යතාවයන් පිළිබඳව විශිෂ්ට අවබෝධයක් ඔවුන් සතුවේ. එම පාරිභෝගික පිරිස ඉලක්ක කර ගනිමින් නව සන්නාම විලාසිතා නිර්මාණය කිරීමට MullenLowe Sri Lanka සමාගම විශිෂ්ට සමත්කම් දක්වයි. Quantum සමාගම පාරිභෝගික විශ්වාසයන් පුළුල්ව හඳුනා ගැනීමේ හැකියාවෙන් යුක්ත අතර ඒවා සන්නාම ක්‍රමෝපායන්ට මැනවින් ගලපා ගනී. මෙම ආයතනයන් දෙකෙහි එකතුව 2018 වර්ෂයේ දී සන්නාමයන් සහ ව්‍යාපාරික ආයතනයන් වෙත වැදගත් අවස්ථා විවර කරදීමට සමත්වනු නොඅනුමානය.

නව අදහස දක්වන්න