පෙරේරා ටයර් සර්විස් සමා­ගමේ අලෙවි නියෝ­ජිත වෙළෙඳ සමු­ළුව | දිනමිණ

පෙරේරා ටයර් සර්විස් සමා­ගමේ අලෙවි නියෝ­ජිත වෙළෙඳ සමු­ළුව

රථවාහන සඳහා ගුණාත්මකභාවයෙන් ඉහළ ටයර්, ටියුබ්, බැටරි හා ඇලෝයිවීල් යනාදිය දේශීය වෙළෙඳ පොළට සපයමින් රථවාහන ක්ෂේත්‍රයේ පුරෝගාමී සේවාවක් ඉටු කරන පෙරේරා ටයර් සර්විස් පෞද්ගලික සමාගම (මාලබේ) තම අලෙවි නියෝජිතයන් වෙත කෘතවේදීත්වය පිරිනැමීම උදෙසා වසරක් පාසා පවත්වන වෙළෙඳ සමුළුව පසුගිය දා (03) දින මාලබේ රෙනෙසන් හොටල් පරිශ්‍රයේ දී උත්සවාකාරයෙන් පවැත්වීය. එහි දී 2017/2018 වසරවල පෙට්ලාස්, ටොයෝමා, චොයැන්ග්, රොක්බස්ටර්, ඔටානි, ගුඩ්රයිඩ්, සන්ෆුල් ටයර් සහ මරුටි ස්ටාර්මැක්ස් ටියුබ් හා ඇලොයිවීල් අලෙවියෙන් ඉලක්ක සැපිරූ 50කට වැඩි අලෙවි නියෝජිතයන් පිරිසකට විදේශීය සංචාර සඳහා ප්‍රවේශපත්‍ර හා තිළිණ ප්‍රදානය කරන ලදී.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...