ඊශ්‍රායල් සොල්දාදුවෙකුට පහර දුන් පලස්තීන ගැහැනු ළමයා අන්තර්ජාලයේ වීරවරියක් වෙයි | දිනමිණ

ඊශ්‍රායල් සොල්දාදුවෙකුට පහර දුන් පලස්තීන ගැහැනු ළමයා අන්තර්ජාලයේ වීරවරියක් වෙයි

 ඊශ්‍රායල සොල්දාදුවකුට පහර දුන් පලස්තීන ගැහැනු ළමයාගේ නඩුව බාල වයස්කාර චෝදනාකරුවකු ගේ නඩුවකට වඩා දරුණු අපරාධකරුවකු ගේ නඩුවක ස්වභාවයක් ගෙන ඇති බවට ජාත්‍යන්තරය චෝදනා කරයි. 17 හැවිරිදි අහෙද් තමිමි පලස්තීනයේ වීරවරියක ලෙස මේ වන විට අන්තර්ජාලය පුරා පුවත් මවමින් සිටින්නීය.

ඇය සොල්දාදුවකුට පහර දෙනු අයුරු මෙන්ම ඇයගේ නඩුව වෙත ද මේ වන විට ලොව පුරා අවධානය යොමු වී ඇත.

බන්ධනාගාර ඇඳුමකින් සැරසුණ ඇය හමුදා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද්දේ දෑත් සහ පා වලට විලංගු දා බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. නඩුව ආවරණය කිරීමට මාධ්‍යවේදීන් රැස්ව සිටියත් බාලවයස්කාර අයකු ගේ නඩුවක් බැවින් එය ආවරණය කිරීමට ඉඩ දිය නොහැකි බව දන්වමින් මහේස්ත්‍රාත්වරයා විසින් ඔවුන්ව අධිකරණයෙන් ඉවත් කර ඇත. 

නව අදහස දක්වන්න