ශීත ඔලිම්පික් උලෙළට ආ උතුරු නියෝජිත පිරිසට මුදල් ගෙවීම් අනුමතයි | දිනමිණ

ශීත ඔලිම්පික් උලෙළට ආ උතුරු නියෝජිත පිරිසට මුදල් ගෙවීම් අනුමතයි

 සෘතු ඔලිම්පික් උළෙලට සහභාගි වූ සත්කාරක උතුරු කොරියා නියෝජිත පිරිසට ඒ වෙනුවෙන් මුදල් ගෙවීමේ සැලසුමක් දකුණු කොරියාව විසින් අනුමත කර ඇත. ඒ අනුව දකුණේ ඒකාබද්ධ සේවයේ අයවැයෙන් කොරියානු වොන් බිලියන 2.86 ක් එනම් ඩොලර් මිලියන 2.64ක් මේ සඳහා ලබා දෙනු ඇත. දකුණු කොරියාවේ පැවැති ශීත සෘතු ඔලිම්පික් උළෙල සඳහා උතුරු කොරියා‍ සහායකයින් සහ ඉදිරිපත් කරන්නෝ 400 කට වැඩි සංඛ්‍යාවක් සහභාගි වූහ.

ඔවුන්ගේ සහභාගිත්වය ලොව පුරා ආන්දෝලාත්මක කතා බහට ලක් වූ අතර උතුර සහ දකුණ අතර පවතින උණුසුම් වාතාවරණය සමනය කිරීමේ මූලික පියවර මෙය විය හැකි බවට බොහෝ දෙනා අනාවැකි පළ කළහ.

2002 වසරේ දී දකුණු කොරියාවේ බුසාන් හි පැවැති ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වූ උතුරු කොරියානුවන් 600 කට වැඩි සංඛ්‍යාවකට දකුණු කොරියාව වියදම් දැරීය. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...