UNP-SLFP එක්ව සභා රැසක බලය පිහිටුවිය හැකියි | දිනමිණ

UNP-SLFP එක්ව සභා රැසක බලය පිහිටුවිය හැකියි

එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්වීමෙන් ප්‍රාදේශීය සභා සැලකිය යුතු සංඛ්‍යාවක බලය පිහිටුවිය හැකි බව ප්‍රාථමික කර්මාන්ත ඇමැති දයා ගමගේ මහතා ප්‍රකාශ කරයි. ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේ ඊයේ (15) කොළඹ දී සාකච්ඡාවකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිණි.

යහපාලන රජය දිගටම ගමන් කරන බව ද මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ප්‍රකාශ කළ ඇමැතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්වීමෙන් ප්‍රදේශීය සභා එකසිය අසූවකට ආසන්න සංඛ්‍යාවක් පිහිටුවීමට හැකි වෙතැයි ද පැවැසීය. වත්මන් යහපාලන ආණ්ඩුව පවත්වාගෙන යාම පිළිබඳ කිසිදු ගැටලුවක් ජනාධිපතිවරයාගේ නොමැති බව ද පැවැසූ දයා ගමගේ ඇමැතිවරයා පක්ෂය සහ ආණ්ඩුව එකක් නොව දෙකක් බවත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසන්ධාන කටයුතු ඉදිරියේ දී සිදුකරන බවත් කීය. 

අදහස් 1ක් ඇත

තමන්ගේ නගරයේ නගර සභාව දිනාගන්නවත් බැරි මිනිස්සු මොකට මේවගේ කතා කියනවද? තමන්ගේ garment එකේ සේවකයන් අතර පවත්වන ඡන්දයෙනුත් මේ මනුස්සයා පරදිනවා. මිනිස්සුන්ට තමන්ව මුණ ගැහෙන්න එන්න එපා කියනවා. මහ කාලකණ්නි

නව අදහස දක්වන්න