තවත් කුණු කන්දක් මාවනැල්ලේ ගිනිගනී - Photos | දිනමිණ

තවත් කුණු කන්දක් මාවනැල්ලේ ගිනිගනී - Photos

මාවනැල්ල ප්‍රාදේශීය සභාව මගින් කුණු බැහැර කරන ලද මාවනැල්ල ආසනය ආසනයේ පිහිටි රන්දිවල සුන්දර කඳු මුදුනේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට හටගත් ගින්නක් මේ වනවිට ප්‍රදේශය පුරා පැතිර යන බව ප්‍රදේශවාසී ජනතාව පවසයි.

මේ හේතුවෙන් කුණු කන්ද ආසන්නයේ ඇති කිරිගල වත්තෙහි රබර් වතුයාය වතු යායේ අක්කර හතරකට ආසන්න ප්‍රමාණයකට ගින්න නිසා හානි වී තිබේ.

වියළි දේශගුණය නිසා ගින්න මේ වන විටත් තැනින් තැන පැතිර යමින් පවතින අතර තරමක සුළං සහිත තත්ත්වයක් ගින්න පැතිර යාමට හේතු වී ඇත.

මෙම සුන්දර කඳු මුදුන සමතලා බිමක් වන අතර දිනකට කැලිකසල ට්‍රැක්ටර් පහළොවකට වැඩි ප්‍රමාණයක් මුදා හැරීම නිසා ඒ අවට පහත් බි වල පිරිස් පීඩා විඳින අයුරු අපි පසුගිය කාලවල දී මාධ්‍ය හරහා පෙන්වා දෙන ලදී පෙන්වා දෙන ලදී.

මේ නිසා කුණු බැහැර කිරීම නිසා වැඩි වශයෙන් පීඩා විඳින්නේ කිරිගල වත්ත දිවියාගල විහාරස්ථානය අවට ජනතාවයි.

පැතිර යන ගින්න මැඩපැවැත්වීමට මෙතෙක් කිසිදු බලධාරියෙක් පියවරක් ගෙන නොමැති බවද ජනතාව කියයි.

නමුත් ජනතාවගේ නිවාස වලට හානි සිදු වී නැතත් ගිනි නිසා පෞද්ගලික ඉඩම් මෙන්ම රබර් ඉඩම් වලට මේ වන විට හානි සිදුවී ඇත තවද ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම මෙම කුණු කන්දක් වැසි සහිත කාලයක නායයාමක් පවා සිදුවිය හැකි බවයි.

එමඟින් සිදුවන පාරිසරික හානිය මෙන්ම ජනතාවට වන පීඩාව සහ මාඹයට එමගින් වෙන බලපෑම ඉතා වැඩි වන බවද ඔවුන් පෙන්වා දෙයි.

ගින්න පැතිර යෑම නිසා කරපනේ ,යටිමහන,කිරිගලවත්ත, යන ප්‍රාදේශවල ජනතාවට කුණු කන්ද නිසා සෘජුවම පිඩා එල්ල වි පවති. තවමත් ගින්න පැතිර යයි.

(මාවනැල්ල සමන් විජය බංඩාර)

නව අදහස දක්වන්න