අඹන්පොළ අවට ජන ජීවිතවලට වන අලි තර්ජන නිතරම | දිනමිණ

අඹන්පොළ අවට ජන ජීවිතවලට වන අලි තර්ජන නිතරම

මැතිවරණ උණුසුම අතරතුර වල් අලි කඩා වැදිමෙන් අඹන්පොල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ගම්මාන රැසක ජනතාවට හානි සිදු වී තිබේ. වරාගම්මන ,කටුපිටිගම , කාසිකොටේ , පිල්ල ආදි ගම්මානවල ජනතාව මේ නිසා පිඩාවට පත්ව සිටින අතර වරාගම්මන ගම්මානයට ඉකුත්දා වල් අලි රංචුවක් පැමිණ නිවෙසක ට ද හානි සිදු කර ගම්වාසින්ගේ වගා බිම් ද විනාශ කර ඇත. හානි සිදු වි ඇති නිවෙසේ ජිවත්වන වයෝවෘද්ධ මවකගේ ජිවිතය අනුනවයෙන් බේරි ඇත්තේ වල් අලි කඩා වැදුණු රාත්‍රියේ ඇය අසළ නිවෙසකට නිදා ගැනිමට ගොස් සිටි නිසා බැව් ගම්වාසිහු කියා සිටියහ.

නියඟයත් සමඟ ආහාර හිඟයෙන් පිඩා විඳින වල් අලි මෙසේ ගම්මානවලට ඇතුළු වි මහත් පරිශ්‍රමයෙන් වගා කර ඇති පොල් , කෙසෙල් ආදි භව බෝග විනාශ කර දමා ඇත. මේ දිනවල වල් අලි රංචු පිටින් සිසිකඩ යන තත්ත්වයක් ඇති නිසා දෛනික කටයුතු කර ගැනිමේ දි ද ජනතාව මහත් පිඩාවට පත් සිටිති. දිවා කාලයේ දි ද වල් අලි පාරවල් හරහා මාරු විමෙන් අනාරක්ෂිත තත්ත්වයක් උදා වි ඇතැයි ද ජනතාව පවසති. කෙසේ වෙතත් මේ වන විටත් ගල්ගමුව සහ අඹන්පොළ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස දෙකට මැදිව තිබෙන ගැටදිවුල තේක්ක රක්ෂිතයට කලින් කලට වල් අලි පැමිණිම නිසා විදුලි වැටකින් ද ආවරණය වි ඇති අවට ගම් කිහිපයක ජනතාව ට අනේක විධ හිරිහැර සිදු වෙමින් පවති. මෙවැනි තත්ත්වයක් තුළ වයඹ වන ජිවි කලාපයේ ගල්ගමුව, අඹන්පොල කේන්ඳ්‍ර කරගනිමින් අලි රැඳවුම් මධ්‍යස්ථානයක් ආරම්භ කිරිමට යන බවත් වල් අලි පෙන්වා ග්‍රාමිය ජනතාව ට මුදල් ඉපයිය හැකි සංචාරක කලාප ඉදි කරන බවට යෝජනා ඇති බවත් එමගින් ජනතාවට ගොවිතැන අහිමි විම මිස අන් කිසිවක් සිදු නොවන බවත් වල් අලින්ගෙන් හානි වි ඇති ගම්වාසින් පිරිසක් කියා සිටියහ. 

 


නව අදහස දක්වන්න