අවුරුදු අටේ ගණන්කාරී | දිනමිණ

අවුරුදු අටේ ගණන්කාරී

ගණිත හා තාර්කික ඥානය සෑම පුද්ගලයකුටම පවතින්නේ නැත. එවැනි ඥානයක් ඇති පුද්ගලයින් සමාජය අභිමුව ජයග්‍රහණය කරති. වයස කුමක් වුව ද ගණිත ගැටලු විසඳීමේ දක්ෂතාවය ඹ්නෑම පුද්ගලයකුට තිබිය හැක. ආසියාතික රටක උපත ලබා පරිණතභාවයට පත් වීමට ප්‍රථමයෙන් තම ගණිත දක්ෂතා තුළින් ලෝකය ජ‍යගත් දැරියක් පිළිබඳ පුවතක් පසුගිය දිනක වාර්තා වී තිබුණි.

සෝහීනී රෝයි චෞද්‍රි ඉන්දියාවේ නවදිල්ලි නගරයේ උපත ලබා ඇත. ඇය කුඩා කාලයේ පටන්ම අනෙකුත් විෂයන්ට වඩා ගණිතට දැඩි ඇල්මක් දැක්වූවා ය. ඒ නිසාම ඇය තම පාසලේ පැවැත්වෙන බොහෝ ගණිත තරග සඳහා සහභාගී විය. ඉන්දියාවේ බ්‍රෙගින්හම්හි නෙල්සන් ප්‍රාථමික විදුහලේ ශිෂ්‍යාවක ලෙස “ UK’s Mathletics Hall of Fame “නමැති ලෝ ප්‍රකට ගණිත තරගයට ඉදිරිපත් වී බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් කිහිපයක තරගකරුවන් සමග තරග කළ එහි දී සෝහීනී රෝයිහට ලෝකයේ හොඳම ගණිත දක්ෂයින් 100 අතරට එක් වීමට හැකි විය. ඇය එම තරගයේ දී වේගය සහ නිරවද්‍යතාවය පිළිබඳව දැඩිලෙස සැළකිලිමත් වී ගණිත ප්‍රහේළිකා විසඳා ඇති බව මාධ්‍ය වාර්තා කළේ ය. ලෝකයේ දියුණු රටවල දරුවන් සමඟ තරග කර ලබා ගත් මෙම ජයග්‍රහණය ඉන්දියාවට ආදර්ශයක් සපයන බව සෝහීනීගේ පාසලේ ගණිත ගුරුවරයා සඳහන් කර තිබේ. සෝහීනීගේ අනාගත බලාපොරොත්තුව වෛද්‍යවරියක වීම ය.

එයාගේ සීයා ස්කොට්ලන්තයේ ජීවත්වුණු ඉංජිනේරුවෙක්. එයා ඉන්දියාවේ දුම්රිය දෙපාර්තමේන්තුවේත් සේවය කළා. මම කියන්නේ එයාගේ ගණිත හැකියාව ජානමය වශයෙන් ඇති වූවක් කියලයි. ඇයට එම සුවිශේෂී හැකියාව පරම්පරාවෙන් පැවතගෙන එන්නක්. ඇය අන්තර්ජාලයේ ඉගෙනුම් පරිසරවලදී නිරන්තරයෙන් දක්ෂතා දක්වන්නේ ගණිතයට. එයින් ඇගේ මානසික මට්ටම වර්ධනය කර ගෙන තාර්කික ඥානය වර්ධනය කර ගැනීමට පිටුවහලක් සපයනවා යනුවෙන් මූල්‍ය ක්ෂේත්‍රයේ ව්‍යපාර පරිපාලනය පිළිබඳ ගණකාධිවරයකු වන සෝහිනී රෝයිගේ පියා මයිනක් රෝයි චෞද්‍රි මාධ්‍යට ප්‍රකාශ කළේ ය .

අන්තර්ජාලය ඇසුරිණි.

මදාරා මුදලිගේ


නව අදහස දක්වන්න

Or log in with...