ඩී.ආර්. විජයවර්ධන ජන්ම සමරු සතිය | දිනමිණ

ඩී.ආර්. විජයවර්ධන ජන්ම සමරු සතිය

ඩී.ආර් විජයවර්ධන මිනිසුන් විශ්වාස කළේය. කිසි විටෙක මිනිසුන් වර්ග කොට දැකීමේ පුරුද්දක් ඔහුට නොතිබිණි.

ඇම්.ඇම් තව්ෆික් ඔබ්සවර් පුවත් පතේ ක්‍රීඩා වාර්තාකරු විය.ඔහු වසර 43 ලේක්හවුස් ආයතනයේ සේවය කළේය. තව්ෆික් ටයිම්ස් ආයතනයෙන් අස්වී ලේක්හවුස් ආයතනයට එක් වීමට සූදානම් වන විට තව්ෆික්ගේ පියා ඊට හරස් වී ඇත.

මුස්ලිම් සම්භවයක් සහිත තව්ෆික් සිංහල ‍බෞද්ධ ව්‍යවසායකයකු වූ ඩී.ආර්. විජයවර්ධන වෙත යාම ගැන පියා බිය පළ කර ඇත.මේ ගැන දෙගිඩියාවෙන් සිටි පියාගේ සැකය ගැන ඩී.ආර්. විජයවර්ධන සමග කෙළින්ම සාකච්ඡා කළේය.ඒ අවස්ථාවේ ඩී.ආර්. විජයවර්ධන දුන් පිළිතුර මෙවැන්නකි.

“කවුද ඔබේ කර්තෘ?එච්.ඩී.ජෑන්ස්.ඔහු බර්ගර් ජාතිකයෙක්.කවුද ඔබේ ලේකම්?වී.සී.ඒ. නෙල්සන් ඔහු බර්ගර් ජාතිකයෙක්.කවුද සාමාන්‍යධිකාරි?ඡී.කේ.ස්ටුවර්ඩ්.යුරෝපීය ජාතිකයෙක්.කවුද මුද්‍රණ කළමනාකරු?රාජු ඔහු ඉන්දීය දෙමළ ජාතිකයෙක් මතක තියා ගන්න මේ ස්ථානය සුළු ජාතිකයන් විසින් පාලනය කරන බව. ඔවුන් ගැන මට ලොකු විශ්වාසයක් තියෙනවා.මුස්ලිම් ජාතික ඔබට මගේ ආයතනයෙන් අවශ්‍ය ආරක්ෂාව ලැබෙනවා.”විජයවර්ධන විශ්වාස කළේ මනුෂ්‍යත්වය මිස,සමේ වර්ණය,උප්පැන්න සහතික හෝ කතා කරන භාෂාව ගැන උනන්දු වු‍ණේ නැත.මේ සිද්ධිය ගැන විස්තර සිහිපත් කරන තව්ෆික් සිය 42 අවුරුදු සේවා කාලය තුළ සිය සම්භවය නිසා කිසිදු වෙනස්කමකට ගොදුරු නොවු බව සහතික කර ඇත.

නව අදහස දක්වන්න