දේශීය වෛද්‍ය ක්‍රමයේ ප්‍රතිකාර හඳුන්වා දීමට ආයුලංකා 2018 ප්‍රදර්ශනය | දිනමිණ

දේශීය වෛද්‍ය ක්‍රමයේ ප්‍රතිකාර හඳුන්වා දීමට ආයුලංකා 2018 ප්‍රදර්ශනය

මිනිස් ජීවිතයේ පැවැත්මට දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ඇති ප්‍රතිකාර ක්‍රම දේශීය හා විදේශීය සංචාරකයන්ට හඳුන්වා දී එම සංචාරකයන් දැනුවත් කිරීම සඳහා “ආයුලංකා ‘2018” ස්වභාවික ස්වන්සනා ජීවනවිලාස උළෙලේ සමාරම්භක උත්සවය පසුගියදා බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා සහ බස්නාහිර පළාත් සභාවේ සභානායක සුනිල් විජේරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

බස්නාහිර පළාත් සභාව, ගම්පහ පළාත් පාලන, සහකාර කොමසාරිස් කාර්යාලය සංවිධානය කළ මෙම වෙළඳ ප්‍රදර්ශනයේ දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම, ජෝතිෂ්‍ය, දේශීය හස්ත කර්මාන්ත, දේශීය ආහාර , සම්ප්‍රදායික සංස්කෘතිකාංග, ශරීර සුවතා හා විලාසිතා ඇතුළත්ව තිබුණි. බස්නාහිර පළාත් අමාත්‍ය ලලිත් වනිගරත්න, පළාත්සභා මන්ත්‍රී හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මීගමුව සම සංවිධායක එම්. එස්. එම්. සකවුල්ලා යන මහත්වරු ද මේ අවස්ථාවට ආරාධනා ලැබ පැමිණ සිටියහ.

16, 17, 18 යන තෙදින තුළ උදෑසන 8 සිට රාත්‍රී 10 දක්වා මෙම ප්‍රදර්ශනය පැවැති අතර එයට විශාල පිරිසක් පැමිණ සිටියහ.

කොච්චිකඩේ විශේෂ ඩී. මිහිඳුකුල

නව අදහස දක්වන්න