දුර්ලභ මුහුදු බෙල්ලන් 2ක් සහ කිඹුල් හිසක් සමඟ අයෙක් දැලේ | දිනමිණ

දුර්ලභ මුහුදු බෙල්ලන් 2ක් සහ කිඹුල් හිසක් සමඟ අයෙක් දැලේ

රුපියල් ලක්ෂ 40ක් පමණ වටිනා දුර්ලභ ටයිටෙන් වර්ගයේ මුහුදු බෙල්ලන් දෙදෙනකු සහ කිඹුල් හිසක් සමඟ පුද්ගලයකු පෙරේදා (15) දා අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දුෂණ මර්දන ඒකකය පවසයි.

ඉංගිරිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු අලෙවි කිරීම සඳහා මෙවැනි බෙල්ලන් රැගෙන විත් ඇති බවට ලද තොරතුරකට අනුව මේ වැටලීම සිදු කර ඇති අතර, ඔහුගේ නිවෙස පරීක්ෂා කිරීමේ දී මේ බෙල්ලන් දෙදෙනා සහ කිඹුල් හිස් කබල සොයා ගැනීමට හැකිවී තිබේ.

වලාන දුෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ හේමාල් ප්‍රශාන්ත මහතාගේ උපදෙස් පරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් රාජපක්ෂ, උ.පො.ප. දයාරත්න, සැ. 42520 ජයවර්ධන, කො. 428 ජයලාල්, 76176 සදිප්, 16228 පො. රි. උදාර යන නිලධාරීහු මේ වැටලීම සිදු කළහ.

හල්තොට සමූහ විනිතා මානෙල් ගමගේ 

 

නව අදහස දක්වන්න