සාකච්ඡා අවසන් - SLFP ප්‍රමුඛ සන්ධානය ගත් තීන්දුව | දිනමිණ

සාකච්ඡා අවසන් - SLFP ප්‍රමුඛ සන්ධානය ගත් තීන්දුව

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ ඉදිරියටත් අඛණ්ඩව කටයුතු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් සන්ධාන මැති ඇමතිවරුන් ඒකමතිකව තීන්දු කළ බව අමාත්‍ය එස්. බී. දිසානායක පවසයි.

පවතින දේශපාලන වාතාවරණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනසහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පැවැත්වුණි.

එසේම ආණ්ඩුවක් ලෙස ඉදිරියේදී දැඩි තීන්දු තීරණ කිහිපයක්ම ගන්නා බවත් කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුකරන බවත් ජනපතිවරයා මෙහිදී පවසා ඇතැයි ද ඔහු සදහන් කලේය.

නව අදහස දක්වන්න