කොමර්ෂල් බැංකුව LankaPay ජාලය සමඟ අලුත් පියවරක් | දිනමිණ

කොමර්ෂල් බැංකුව LankaPay ජාලය සමඟ අලුත් පියවරක්

LankaPay ගනුදෙනු සඳහා EMV සැකසුම සක්‍රීය කරයි EMV Europay, Mastercard and Visa සඳහා සම්පූර්ණයෙන් අනුකූලතාවය දැක් වූ ශ්‍රී ලංකාවේ පළමු ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ජාලය බවට පත්වෙමින් කොමර්ෂල් බැංකුවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ජාලය EMV ඉන්ටර්ගේ‍්‍රටඩ් සර්කිට් මගින් ටෙලර් යන්ත්‍ර ගනුදෙනු සඳහා සම්පූර්ණ ටෙලර් යන්ත්‍ර ජාලය සක්‍රීය කර තිබේ.

බැංකුවේ සමස්ත EMV චිප් කාඩ් මාලාව (ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඞඩ්පත්) LankaPay ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර පද්ධතිය හරහා ආරක්ෂාකාරී ලෙස ගනුදෙනු කිරීම සඳහා සක්‍රීය කරන මෙරට පළමු බැංකුව බවට පත්වන්නේ ද කොමර්ෂල් බැංකුවයි. මේ අනුව, LankaPay ටෙලර් යන්ත්‍ර ජාලය සමඟ සම්බන්ධ වී සිටින අනිකුත් බැංකුවල ටෙලර් යන්ත්‍රවලින් කොමර්ෂල් බැංකුවේ ගනුදෙනුකරුවන්ට ඉතාමත් ආරක්ෂාකාරීව ගනුදෙනු කිරීමේ අවස්ථාව හිමිවේ.

EMV යනු ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සහ පොයින්ට් ඔෆ් සේල් POS යන්ත්‍රවලින් ගනුදෙනු කිරීමේ ආරක්ෂිත ක්‍රමයකි. මෙහි දී ගනුදෙනු ස්ථීර කරන්නේ ඒකාබද්ධ චිප් එකක් මගිනි. මෙමගින් කාඩ්පතේ තිබෙන දත්ත ව්‍යාජ ලෙස භාවිත කිරීම වළක්වාලනු ලබයි. ‘පාරිභෝගිකයන්ට අර්ථාන්විත ප්‍රතිලාභ ලබාදීම සඳහා කොමර්ෂල් බැංකුව නව්‍ය වූ තාක්ෂණයන් වෙත අවධානය යොමු කරනවා.’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ, ජෙගන් දුරෙයිරත්නම් මහතා පැවැසීය. ‘මේ නවතම වර්ධනය ඉතාමත් වැදගත් වන්නේ මෙමගින් ගනුදෙනු ආරක්ෂාව ඉලක්ක කරන නිසයි. LankaPay ජාලය සඳහා අපගේ සමස්ත ටෙලර් යන්ත්‍ර පද්ධතියම EMV පිළිගන්නා තත්ත්වයට පත්කිරීම මගින් තොරතුරු තාක්ෂණ සහ ඩිජිටල්කරණය තුළ කොමර්ෂල් බැංකුව සිටින ඉහළම තත්ත්වය අපි නැවත වතාවක් පෙන්වා තිබෙනවා.’

MasterCard, Visa සහ Union Pay යන ජාත්‍යන්තර කාඩ්පත් සඳහා කොමර්ෂල් බැංකුවේ ටෙලර් යන්ත්‍ර ජාලය මේ වනවිටත් EMV සහතිකකරණය ලබා තිබේ. 


නව අදහස දක්වන්න

Or log in with...