ලංකා බැංකුව ප්‍රථම ‘BOC DIGI’ මහනුවර දී විවෘත කරයි | දිනමිණ

ලංකා බැංකුව ප්‍රථම ‘BOC DIGI’ මහනුවර දී විවෘත කරයි

ශ්‍රී ලංකාවේ අංක එකේ බැංකුව වන ලංකා බැංකුව සිය ඩිජිටල්කරණ ගමන්මගේ සුවිශේෂී ඉදිරි පියවරක් ලෙස මහනුවර සිටි සෙන්ටර්හි දී ප්‍රථම "BOC DIGI" පසුගිය දා විවෘත කළේය.

නවීන වෙළෙඳ හා සාප්පු සංකීර්ණයකින් යුක්ත වන මහනුවර සිටි සෙන්ටර්හි ස්ථාපිත ප්‍රථම "BOC DIGI" මගින් සිය ගනුදෙනුකරුවන්ට අංග සම්පූර්ණ ඩිජිටල් අත්දැකීම් හා ඩිජිටල් විශේෂාංගයන් මෙන්ම ස්වයංක්‍රීය පද්ධතියක් හා සියලුම පුද්ගලික බැංකු අවශ්‍යතාවන් සම්පූර්ණ කර ගත හැකි ස්වයං සේවාවක් සැපයේ.

ලංකා බැංකුවේ සභාපති, ජනාධිපති නීතිඥ රොනල්ඞ් සී. පෙරේරා මහතා ප්‍රථම "BOC DIGI" උත්සවශ්‍රීයෙන් විවෘත කළේය. ලංකා බැංකුවේ මහා කළමනාකරු ඩී. එම්. ගුණසේකර මහතා, ආයතනික හා විධායක කළමනාකාරීත්වය, ලංකා බැංකු කාර්ය මණ්ඩලය, ගනුදෙනුකරුවන් හා ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් මේ උත්සවය පැවැත්විණි.

ලංකා බැංකුවේ සභාපති, රොනල්ඞ් සී. පෙරේරා මහතා මේ සුවිශේෂී අවස්ථාව අමතමින්, අපගේ රට ඩිජිටල්කරණය වෙමින් පවතින හෙයින්, සිය මූල්‍යමය අවශ්‍යතාවන් ඉටුකර ගැනීම සඳහා අපගේ ගනුදෙනුකරුවන් ද ඩිජිටල් සේවාවන් අපේක්ෂා කළා. මූල්‍ය වෙළෙඳ පොළේ නවීකරණය කිරීමේ ඉඩකඩ සැපිරීමට හා ගනුදෙනුකරුවන්ට සැබෑ ලෙසම ඩිජිටල් බැංකු විසඳුම් ලබාදීමට ලංකා බැංකුවේ ඇති කැපවීම "BOC DIGI" විවෘත කිරීම මගින් පෙන්නුම් කරනවා යැයි පැවැසීය.


නව අදහස දක්වන්න

Or log in with...