Fortunaglobal හඳුන්වා දෙන පළමු සිංහල දෙමළ (News Bot) මෘදුකාංගය | දිනමිණ

Fortunaglobal හඳුන්වා දෙන පළමු සිංහල දෙමළ (News Bot) මෘදුකාංගය

 

තම‘brand affluence’ නිපැයුම් පෙළ හරහා ශ්‍රී ලංකාවේ මූල්‍ය තාක්ෂණ ක්ෂේත්‍රයෙහි සර්ව සම්බන්ධිත (omni-channel) බැංකුකරණය සම්බන්ධයෙන් දැනටමත් සුවිශේෂී ස්ථානයක් ලබා සිටින, කොළඹ මූලස්ථානය කරගත් විශේෂඥයා වන Fortunaglobal මේ වනවිට තවත් කඩඉමක් පසුකර තිබේ. අද දෙරණ සමගින් සම්බන්ධ වූ Fortunaglobal ශ්‍රී ලංකාවේ ප්‍රථම ත්‍රෛභාෂා බොට් මෘදුකාංගය අද දෙරණ ඩිජිටල් සඳහා හඳුන්වා දී ඇත. මෙය, කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය සහිත LISA AI පදනම් කරගත් බොට් වේදිකාවකි.

මේ බොට් වේදිකාවට ෆේස්බුක් හරහා පිවිසිය හැකි අතර සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම ප්‍රේක්ෂකයාගේ පැන සඳහා පිළිතුරු දීමේ හැකියාව ඊට තිබේ. තමන්ගේ ෆේස්බුක් ගිණුමේ සිට පහසුවෙන්ම ප්‍රවෘත්ති සහ විනෝදාස්වාදය වෙත ළඟාවන්නට මෙමගින් හැකි වේ. Fortunaglobal හි ඉංජිනේරු කණ්ඩායම සමඟ සහයෝගයෙන් ක්‍රියාත්මක වූ අද දෙරණ ප්‍රවෘත්ති කණ්ඩායම එය වඩාත් සුමට තත්ත්වයකට ගෙන ඒමටත් ශ්‍රී ලංකාවේ පුවත් කර්මාන්තයට වඩාත්ම ගැළපෙන අන්දමින් හැඩගසා ගැනීමටත් සමත්ව තිබේ.

‘කලින් නම් කළ’ බොත්තම් (ක්‍රීඩා, ව්‍යාපාර පුවත්, විනෝදාස්වාදය, උණුසුම් පුවත් යනාදී වශයෙන්) මත ක්ලික් කර තෝරාගත් කාණ්ඩවලට අදාළ පුවත් විශේෂයෙන් ලබා ගැනීමේ හැකියාව මේ බොට් වේදිකාවේ තිබේ. එම බොත්තම් තිරස් අතට FB Messenger වේදිකාවේ දිස් වනු ඇති අතර, ඒවා මත ක්ලික් කළ විට එම කාණ්ඩයට අදාළ පුවත් ඔබගේ බොට් වෙතින් ලැබෙන මීළඟ ප්‍රතිචාරය ලෙස ඔබට දිස්වනු ඇත. තමන්ට කැමති විෂයක් සම්බන්ධයෙන් පුවත් තමන් වෙත ගෙන එන මෙන් බොට් වෙත පැවැසීමට ඔබට හැකි ය. ඔබේ ඉල්ලීමට වඩාත්ම ගැළපෙන පුවත් තෝරා බේරා ඔබ වෙත ලබාදෙන්නට බොට් විසින් කටයුතු කරනු ඇත. සාමාන්‍ය පුවත්, ව්‍යාපාර පුවත්, ස්ථානය පදනම් කරගත් සේවා සහ තවත් වරණ පරාසයක් අද දෙරණ හරහා ඔබට ලබාගත හැකිය.

නව අදහස දක්වන්න