සුපිරි කාර්යාල පරිශ්‍රයක සේවාවන් ඔබේ මිලටම ඔබට පුදමින් | දිනමිණ

සුපිරි කාර්යාල පරිශ්‍රයක සේවාවන් ඔබේ මිලටම ඔබට පුදමින්

 

GrandSpace අද කාලයේ අවශ්‍යතාවක් ඉහළින්ම සපුරාලයි වචනයේ අර්ථයෙන්ම ‘වෘත්තීය මට්ටමේ’ වන කාර්යාලීය වටපිටාවක් ඔබට පුදමින්, GrandSpace විසින් සිය පළමු කාර්යාල සේවා සංකීර්ණය විවෘත කිරීම පසුගිය දා සමරනු ඇත.

කාර්යාලීය අවකාශ,virtual space , රැස්වීම් කාමර, day office පහසුකම් සහ co-working අවකාශ ආදියෙන් සමන්විත ඉහළම මට්ටමෙන් නිමවා ඇති මේ සංකීර්ණයේ ඔබට අවශ්‍ය පහසුකම, දරාගත හැකි ඉතාම පහසු මිලට සපයා දීමට GrandSpace කටයුතු යොදා තිබේ.

එකවර පුද්ගලයන් 1ත් 6ත් අතර පිරිසකට කටයුතු කළ හැකි, ඉහළම ප්‍රමිතියට සැකසූ මෙහි ඇති කාර්යාලීය අවකාශ, සියලු කාර්යාලීය උපකරණ පමණක් නොව සෘජු දුරකථන සබඳතා සහ Wi-Fi පහසුකම් ආදියෙන් ද සමන්විතය. මෙහි ඇති රැස්වීම් කාමර දෙකෙහි පිළිවෙළින් 4 දෙනකු සහ 9 දෙනකු වෙනුවෙන් ඉඩ පහසුකම් සැලසේ. එය සැබැවින්ම, වෘත්තීය මට්ටමේ වන boardroom පරිශ්‍රයකි. virtual space යනු අදාළ පහසුකම ලබාගන්නා අය හට තමන්ගේම කාර්යාලීය ලිපිනයක් සහ තමන්ට පමණක් වෙන් වූ දුරකථන සබඳතාවක් මේ කාර්යාල පහසුකම් සංකීර්ණය ඇසුරින් හිමිකර ගැනීමේ හැකියාවය. මෙහි වන co-working අවකාශය , නිදහස් රැකියාවල යෙදෙන්නන් සහ නව ව්‍යවසායකයන්ට නිදහස් රැකියා පරිශ්‍රයක් ලෙසින් තමන්ගේ වෘත්තීය සහායකයන් සමඟ අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු පවත්වා ගැනීම සඳහා අපූරුවට ගැ‍ළපෙන සේ නිර්මානය වී තිබේ.

නව අදහස දක්වන්න