කමරාගොඩ දෙව්මැදුරේ මංගල්‍යය දා... | දිනමිණ

කමරාගොඩ දෙව්මැදුරේ මංගල්‍යය දා...

මිනුවන්ගොඩ, කමරාගොඩ ශුද්ධවූ ලෙයොනාර්දු මුනිඳුන්ගේ දේවස්ථානයේ 125 වන ජුබිලි මංගල්‍යය පසුගියදා පැවැත්විණි. එහි මංගල්‍යය ප්‍රධාන දේවමෙහෙය කොළඹ අගරදගුරු පදවි සහායක රදගුරු මැක්ස්වල් සිල්වා හිමිපාණන් විසින් පවත්වනු ලැබිණි.

ශුද්ධවූ ලෙයොනාර්දු මුනිඳුන් හට කැපකර ඇති ලංකාවේ පිහිටි එකම දෙව්මැදුර ලෙස මෙම දෙව්මැදුර සැලකේ. 1892 වසරේදී නිර්මල මරිය නිකායික ගරු ඇඩොල්ෆ් දවි පියතුමන්ගේ මූලිකත්වයෙන් එවකට බල්ලපාන, කමරාගොඩ ග්‍රාමයන්හි ජීවත් වූ කතෝලික, මෙතෝදිස්ත සහ බෞද්ධ ජනතාව එක්ව, ලී කණු මත පොල්අතු සෙවිලි කළ වහලයක් සහිත ශාලාවක් ඉදිකර ඉතාලියෙන් මෙරටට වැඩම කරවූ ශුද්ධවූ ලෙයොනාර්දු මුනිඳුන්ගේ ප්‍රතිමාවක් ‍එම පොල්අතු ශාලාවේ තැන්පත් කරමින්, මෙම දේවස්ථානය ආරම්භ කර ඇත.

මිනුවන්ගොඩ විශේෂ

නව අදහස දක්වන්න