සීමානිර්ණ වාර්තාව විෂය භාර ඇමතිට | දිනමිණ

සීමානිර්ණ වාර්තාව විෂය භාර ඇමතිට

පළාත් සභා ඡන්ද විමසීම සඳහා වූ සීමානිර්ණ කමිටු වාර්තාව විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා වෙත භාර දී තිබේ.

එම අමාත්‍යාංශය සඳහන් කළේ ඒ අනුව ඊට අදාළ වාර්තාව අද දින පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා වෙත භාර දුන් බවයි.

මෙහිදී මැතිවරණ දිස්ත්‍රික්කයක් සඳහා සරල බහුතර ක්‍රමය අනුව සියයට 50ක නියෝජිතයන් පත් කර ගත යුතු වන අතර, තවත් සියයට 50ක් සමානුපාතික නියෝජනය ක්‍රමය යටතේ පත් කර ගැනීමට නියමිතයි. 

2017 අංක 17 දරණ පළාත් සභා ඡන්ද විමසීමේ සංශෝධන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, එමගින් නව මිශ්‍ර ඡන්ද ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබීය.

නව අදහස දක්වන්න