ප්‍රමිතියකට නැති උකුවෙල බස් නැවතුම් පොළ | දිනමිණ

ප්‍රමිතියකට නැති උකුවෙල බස් නැවතුම් පොළ

උකුවෙල වත්තේගම 636 ප්‍රධාන මාර්ගයේ මගි බස් නැවතුම් පොළක් උකුවෙල ප්‍රාදේශිය රෝගි සේවා සත්කාර ඒකකය ඉදිරිපිට ස්ථාපිත කිරිම නිසා බාහිර රෝගි අංශයට යන එන රෝගින්ට අනතුරුදායක තත්ත්වයක් මතුව ඇතැයි ජනතාව හා වෛද්‍යවරු හා කාර්ය මණ්ඩලය පවසයි.

මේ බස් නැවැතුම් පොළ මේ ස්ථානයේ සකස් කිරිමට පෙර එම මාර්ගයේම මාතලේ දෙසට උකුවෙල නගරය මැද තිබි පසුව මහමාර් ග නිලධාරින් හා පොලිසිය එක්ව මේ අවදානම් සහිත ස්ථානයේ ඉදිකිරිමට පියවර ගෙන ඇත.

පිවිසුම් ගෙට්ටු අවහිර වන සේ ඉදිකරිම නිසා මේ අනතුරු සහිත තත්ත්වය මතුව ඇති බවත් දිනකට රෝගින් විශාල ප්‍රමාණයක් උකුවෙල කොට්ටාසයේ ග්‍රාම නිලධාරි වසම් 73ක ජනතාවක් සදහා ඇති එකම සත්කාර ඒකකය නිසා අනතුරු සහිත බස් නැවැතුම ස්ථාපිත කර ඇත .

ජයාරුපය -උකුවෙල සංචාරක 

නව අදහස දක්වන්න