ගිය වසරේදී සතුන් වත්ෙත් ආදායම මිලියන 762 දක්වා ඉහළට | දිනමිණ

ගිය වසරේදී සතුන් වත්ෙත් ආදායම මිලියන 762 දක්වා ඉහළට

මානෙල් පුෂ්ප කුමාරි

පසුගිය වසරේදී ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් මිලියන 762.06 දක්වා ඉහළ ගොස් ඇති බව තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යංශය පැවසීය.

දේශීය සංචාරකයින් පැමිණීම හේතුවෙන් රුපියල් මිලියන 177.42ක් ද, විදේශීය සංචාරකයින්ගේ පැමිණීමෙන් රුපියල් මිලියන 564.25ක් ද, වෙනත් විනෝදාත්මක කටයුතු වලින් රුපියල් මිලියන 20.39ක ආදායමක් ද උපයා ඇත.

වසර 2017 දී ජාතික සත්ත්වෝද්‍යානයට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 2,219,841 ක් වන අතර ඒ අතරින් දේශීය සංචාරකයින් 1,942,519ක් වන අතර 277,322ක් විදේශ සංචාරකයින් බව අමාත්‍යාංශය සඳහන් කරයි. 

අදහස් 1ක් ඇත

නව අදහස දක්වන්න