කාන්තා නියෝජනය අඩු වන ලකුණු | දිනමිණ

කාන්තා නියෝජනය අඩු වන ලකුණු

පළාත් පාලන මැතිවරණයෙන් සියළු පක්ෂවලට අතිරේක ලැයිස්තුවලින් හිමි වූ මන්ත්‍රී ආසන සඳහා නම් කරන ලද සභිකයින්ගේ නාම ලේඛන ඉදිරි සතිය වන විට තමන් වෙත ලැබිය යුතු බව මැතිවරණ කොමිසම පවසයි.

එහි උසස් නිලධාරියෙකු සදහන් කළේ ඒ සඳහා වන සම්පූර්ණ වගකීම ඇත්තේ අදාළ පක්ෂවල මහලේකම්වරුන්ට බවයි.

එමෙන්ම පළාත් පාලන ආයතන ස්ථාපිත කිරීමේදී සියයට 25ක කාන්තා නියෝජනයක් අනිවාර්ය කර ඇත.

පක්ෂ නායකයන් පොදු එකගත්වයකට පත්වී ඇත්තේ අවශ්‍ය තැන්වලදී ඒ සදහා නම්‍යශීලි ලෙස කටයුතු කිරීමටයි. 

මේ අතර, මාර්තු 12 ව්‍යාපාරය, කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටියේ ඡන්දදායකයාගේ අභිලාෂය ඉෂ්ඨ වන අයුරින් කටයුතු කරන ලෙසයි.

නව අදහස දක්වන්න