කල් තබා ගැනීමේ ද්‍රව්‍ය අධිකව යොදා සැකසූ ආහාර භාවිතයෙන් පිළිකා හටගැනීමේ අවදානමක් | දිනමිණ

කල් තබා ගැනීමේ ද්‍රව්‍ය අධිකව යොදා සැකසූ ආහාර භාවිතයෙන් පිළිකා හටගැනීමේ අවදානමක්

 කල් තබා ගැනීමේ ද්‍රව්‍ය අධික ලෙස භාවිතා කරමින් සකසන ලද ආහාර භාවිතයෙන් පිළිකා හටගැනීමේ අවදානමක් ඇති බව ප්‍රංශ පර්යේෂකයෝ අනාවරණය කරති. මේ පර්යේෂණ සඳහා එක් ලක්ෂ පන් දහසක ආහාර රටා නිරීක්ෂණය කළ බව ඔවුහු පවසති.

ඔවුන් අවධාරණය කරන්නේ පුද්ගලයකුගේ ආහාර අනුභව කරන රටාව පිළිකා ඇති වීමේ අවදානමට සෘජුව බලපාන බව පිළිගත් සාධකයක් බවයි.

මේ පරීක්ෂණයේ නිගමනයන්ට අනුව සකසන ලද ආහාර අනුභව කිරීම 10% කින් වැඩිවූ විට, හඳුනාගත් පිළිකා රෝගීන් ප්‍රමාණය 12% කින් වැඩි වනු ඇත.

මිනිසුන්ගෙන් 18% ක් පමණ තම අහාර වේලට සකසන ලද ආහාර එකතු කර ගනියි.

වසරකට මිනිසුන් 10,000 ක් අතරින් 79 දෙනෙකු පමණ පිළිකා රෝගයට ගොදුරු වන අතර සකසන ලද ආහාර අනුභවය කිරීම 10% කින් වැඩි කළ විට ඉහත සඳහන් ප්‍රමාණයට අමතරව වසරකට තවත් නම දෙනෙකු පමණ පිළිකා රෝගීන් විය හැකි බව මෙහිදී අනාවරණය වෙයි. 

නව අදහස දක්වන්න