නිති සංගමයේ සභාපතිගෙන් පෙත්සමක් | දිනමිණ

නිති සංගමයේ සභාපතිගෙන් පෙත්සමක්

අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් නිතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරන සමයේ දී ලබා දුන් උපදේශයක් පදනම් කර ගනිමින් ඔහු ඇතුළු 20 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුව විභාග කිරිම නවතාලන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා නිතිඥ සංගමයේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේය.

නිතිඥ සංගමයේ සභාපති ජනාධිපති නිතිඥ යු ආර් සිල්වා විසින් ගොනු කරන ලද  මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අල්ලස් කොමිසමේ සභාපතිවරයා සහ එහි අධ්‍යක්ෂක ජනරාල්වරයා, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ඇතුළු 07 ක් නම් කොට ඇත.


නව අදහස දක්වන්න

Or log in with...