එකම බලපත්‍රයෙන් රිය පැදවූ අයිය මලෝ අත්අඩංගුවට | දිනමිණ

එකම බලපත්‍රයෙන් රිය පැදවූ අයිය මලෝ අත්අඩංගුවට

අයියයි මල්ලියි එකම රියදුරු බලපත්‍රයට වාහන පදවමින් සිටියදී සැකපිට නතර කළ ලොරි රථයක් පරික්ෂා කිරීමේදී මාතලේ පොලිසියේ රථ වාහන අංශයේ උප පොලිස් පරික්ෂක ප්‍රියන්ත මහතා මාතලේ නගරයේදි ලොරිය සමග සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකිවිය .

මෙම සැකකරුවන් නාලන්දේ වල්මෝරුව පදිංචි කරුවන් බවත් වැඩිමහල් සහෝදරයා මීට පෙර මහවෙල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රියදුරු බලපත්‍රය තහනම් වුවකු බවට අනාවරණය වී ඇති අතර මේ පුද්ගලයාටම විරුද්ධව මාතලේ පොලිසිය මගින් අනතුරක් සිදුකිරීම නිසා අධිකරණයට ඉදිරිපත් කිිරීමේදී 2015 වසරේ අධිකරණයෙන් රුපියල් 9500 දඩ මුදලක් ද ගෙවා ඇති බවට අනාවරණය වි ඇත .

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නාලන්ද වල්මෝරුව පදිංචි දෙදෙනෙකි.මොවුන් එකම ලොරියේ දෙදෙනාම ගමන් කරන බවත් පොලිසිය පරික්ෂාවක් කළොත් මල්ලිගේ රියදුරු බලපත්‍රය පෙන්වා යන බවත් මීට පෙරත් උප පොලිස් පරික්ෂක ප්‍රියන්ත මහතා විසින්ම මහවෙල පොලිස් වසමේදී සැකපිට කළ පරික්ෂාවේදි මහින්ද බංඩාරදිසානායක නැමැත්තා අල්ලා ගැනීමට සමත්ව තිබේ .

ධාවනය කළ ලොරිය අයිතිකරුට භාරදි ඒ පිළිබදවද පුලුල් පරික්ෂණයක් ආරම්භ කිරීමට කටයුතු කර ඇති බවත් සැකකරුවන් මාතලේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමේදි හේසිරි හේරත් මහතා විසින් 28 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී .

මාතලේ පොලිස් අධිකාරි අයි. බි. ටි සුගතපාල මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි කාංචන ගොඩකුඹුර මහතාගේ අධික්ෂණය යටතේ මුලස්ථාන පොලිස් පරික්ෂක චානකද සිල්වා මහතාගේ මෙහෙයවිම මත රථ වාහන අංශයේ උප පොලිස් පරික්ෂක කේ ඩබ්ලිව්. ප්‍රියන්ත මහතා හා උප පොලිස් පරික්ෂක 846 කරුනාරත්න යන අය වැටලිමට සහභාගි වූහ. 

උකුවෙල සංචාරක
ප්‍රියන්ත සුමනසේන 

නව අදහස දක්වන්න